31 ♥️

42 5 7
                                    

කතෘ මානයෙන් 💗💗,

" අනේ මන්දා බං. මෙතනින් පනින එක ටිකක් අමාරු වැඩක් නේ බලාන ගියාම ."

"ම්ම්ම්. මට නම් ඊට වඩා බය අපේ එවුන් අපිව බේරගන්න ඇවිත් වෙඩි කයි කියලා . "

නිකේෂ් යශ්මිතට කලින් දවසේ හේෂාන් කෑම්ප් එක ගැන කිව්ව ඔක්කොම විස්තර ටික කියද්දි  අපේ කෙනූ බබා නම් හොදට යශ්මිතගේ ඔඩොක්කුව උඩ ම ඉදගෙන මුන් දෙන්නා කියවන ඒවා අහගෙන හිටියා .

කලින් දවසේ උන ඔක්කොම විස්තර කිව්වා , කිව්වට අදාල ටික විතරක් කිව්ව අපේ කපටි නිකේෂ් පුචා ...

ටිකක් හවස් වෙලා වගේ තිබ්බ නිසා ඒ හෝල් එකේ කට්ටිය ගොඩක් හිටියෙත් නෑ . ඒ නිසා මෙයාලට හිතේ විදිහට පිස්සු කෙලින්න , කියවන්න පුලුවන් වුනා .

"මේ ඒක නෙවේ උඹගේ අර හේෂාන් අයියගෙන් අපිට සප් එකක් ගන්න බැරි වෙයි ද . ඌව මට වැඩිය අල්ලන්නේ නම් නෑ . ඒ වුනාට ඌ අනික් එවුන්ට වඩා හොදයි වගේ . උඔ ටිකක් අහලා බලපන්කෝ නිකේ "

යශ්මිත නිකේෂ් දිහා බලාගෙන එහෙම අහද්දි නිකේ නම් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා .

"මො ..මොකක් . ඌ..ඌ මගේ නෙවේ හු#තෝ "

" අනේ මේ නිකේ . අහපු එකට උත්තර දීපන් බං වෙන රෙද්දක් කියන්නේ නැතුව . අපි දන්නවා ඌ උඹේ නෙවේ කියලා ... තාම "

යශ්මිත හෙන වල් මූණක් හදාගෙන 'තාම' කියන කෑල්ල අන්තිමට කිව්වම නිකේෂ් නම් මට නෙවේ කියන්නේ වගේ සීන් එකේ හිටියේ .

" උ..උගෙන් මේකට හෙල්ප් ගන්න බැරි වෙයි .මේ ..මම උගෙන් තමා මේවත් දැන ගත්තේ .එයා මට මෙතන වැඩ වෙන විදිහ කිව්වට මම හිතන්නේ එයා වෙනම ගේම් එකක් මෙතන ප්ලේ කරනවා ."

නිකේෂ් , හේෂාන් කලින් දවසේ රෑ කිව්ව දේවල් ගැන මනෝ පාරක් ගගහා එහෙම කියද්දි යශ්මිත පොඩි කට කොනේ හිනාවක් දැම්මා.

" උඔත් ඉතින් පොඩි මායමක් දාලා උගෙන් අහපන්කො මොකද්ද ප්ලෑන් එක කියලා . පොඩ්ඩක් අවුස්සලා ගත්තොත් ඌ උබට ඔක්කොම කියයි . "

යශ්මිත එයාගේ කට කොනේ හිනාව දාගෙන එහෙම කියද්දි නිකේට නම් රතු කට්ට පැන්නා .

හදවත් ❤️Where stories live. Discover now