14 ♥️

46 7 2
                                    

නිකේෂුයි මායි පැල වැටීමේ මහා ජාතික මෙහෙවර ඉවර කරලා අපේ සුපුරුදු වාසභවන වෙච්ච කොට වට කර ගිනි මැල තැන්නට ආවා . තාම කවුරුත් ඇවිත් නැති නිසා අපි දෙන්නා කොට දෙකක් උඩ වාඩි වෙලා භාවනා කරා .

කොච්චර හොදද බලපල්ලා අපි . කොට උඩ එක්ස්ප්‍රස් ගියත් භාවනා කරන එක අතඅරින්නේ නෑ . පිස්සුද බං .අපි එච්චර බොදු දරුවෝ උනා නම් මේ සොම්බි වෛරස් එක එන කාලේ වෙද්දි අපි දිවංගත වෙලා ඉන්න ඕනේ . ඒකටයි පින කියලා කියන්නේ . මම නෙවේ මේ කෑම්ප් එකේ හිටිය හැට පනින්න ආසන්න කෙල්ලෙක් කිව්වේ .

" කොයි බං අරුන් . එකෙක්වත් තාම නෑනේ . බලපන් අපි කොච්චර කුයික් ද කියලා ."

" සිරාවට ම නිකේෂ් . උඹේ මිනිහා ලෙවින් අයියත් ඇදන් ගිහින් දර කඩනවද මොනවා කරනවද මන්දා අප්පා "

මම නිකේෂ්ටත් රවලා එහෙම කියද්දි මූ මට තොට පිස්සුද ද බං වගේ ලුක් එකක් දුන්නා .ඇයි උඔ බය වුනාද උඹේ මහ ලොකු හිවල් තඩියා ලෙවින් අයියා එකක් වෙන මොනවා හරි කරයි ද කියලා . ඒවා නම් ජීවිතේට වෙන්නේ නැති වැඩ පුචේ . ටිරාන්ව ගැලපෙන්නේ තෝ වගේ පිස්සෙක්ටම තමා .

" ඌ කවද්ද යකෝ මගේ මිනිහා වුනේ . උඔට මොන්ගල් ද , නැත්තන් ආතල් ද . ආතල් වගේ නම් කියහන් මාත් සප් එකක් දෙන්නම් . "

අම්මේ මෙන්න රිවලෙක්ට කේන්ති ගිහින් . අපි බය වුනා . මම පොඩි පහේ වල් හිනාවක් දාලා උගේ උරහිසට මගේ එකෙන් ගැහුවා . අයි මීන් මගේ උරහිසෙන් . මට බොරු කරලා උඔට ලව් කරන්න බෑ පුචේ . උඔලා දෙන්නාත් මට එදා ලොකු සින් දැම්මනේ ලෙවින් අයියායි මමයි ගැන කියලා .

"ආතල් එකක් ගන්න නම් මම මීට වඩා ලස්සනට ඒ ටික කියනවා නේ නිකේ මැණික. ටිරානුයි උඔයි අපිට හොරා ලව් කරනවා කියලා අයි නෝ බ්‍රදර්. "

මම එහෙම කියද්දි මේකා මගේ රවලා පිටට දඩෝන් ගාලා එකක් ගැහුවා කියහන්කෝ . ඉතින් බං ඇත්තනේ කිව්වේ . ටිරාන් උඔට නිකේ මැණික ගගා වැලලෙන්නේ එතකොට උගේ කොහේ හරි කහනවට ද .

ඒත් මුගේ මූණෙන් නම් ටිරාන්ට ලොකු කැමැත්තක් පේන්නේ නෑ . සාමාන්‍යයෙන් කොල්ලා ගැන කියද්දි ඕනේ එකෙක් රතු වෙලා ඇඔරිලා කැලතිලා බ්ලෙන්ඩර් වෙලා යනවා නේ . ඒත් මුගේ නම් එහෙම කිසි මගුලක් වුනේ නෑ . හැබැයි ඉතින් මුගේ මූණ බලලා හිතේ තියන දේ කියවන්න මම සාත්තරකාරයෙක් නෙවේ නේ සාන්ත .

හදවත් ❤️Where stories live. Discover now