කතෘ මානයෙන් 💗💗 ,
" අහ් උඔ කොහෙද හිටියේ . මම ඒත් බැලුවා අරුන් දෙන්නත් එක්ක වැරදිලා තෝවත් ඇතුලට දැම්මා කියලා . කෝ අර අනික් කොල්ලා "
හේෂාන්ගේ රූම් එකට වෙලා පැල් රැකපු තරු කුමාරයෝ දෙන්නා ආයෙත් ග්රවුන්ඩ් එකට එද්දි පැය බාගයක් විතර පරක්කු වුනා . මරාගෙන , බැනගෙන , සාමදාන වෙලා ආපු හේෂාන් ඇන්ඩි නිකේෂ් මේ වෙද්දි හිටියේ දෙන්නට දෙන්නා ජීවිතේට දැකලා නැති ගානට ..
ඒ නිසා ම හේෂාන් නිකේෂ්ව ටිකක් කලින් යවලා එයා පරක්කු වෙලා ගියේ රෙහාන්ට දැනටමත් තමන් ගැන සැකයක් ඇවිත් ඇති කියලා බයට .
"මම දන්නේ කොහොමද ඌ කොහෙද කියලා . "
හේෂාන් මෙලෝ ගානක් නෑ වගේ රෙහාන් දිහා බලන් එහෙම කිව්ව නිකේෂ්ව ජීවිතේට දැකලත් නෑ දන්නෙත් නෑ වගේ . එයා ඒ විදිහට හැසිරුනේ නිකේෂ්ගෙම හොදට . ඒ වුනාට හේෂාන්ට තේරුනා රෙහාන්ට එයාලා ගැන පොඩි සැකයක් තියනවා කියලා .
"හ්ම් හ්ම් . හරි එහෙනම් දැන් කීදෙනයි ද ඉතුරු වෙලා ඉන්නේ . දෙන්නෙක්ව කූරු ගනින්න යැව්වා නේ . හ්හාහා.."
රෙහාන් හිනාවෙවීම එහෙම කියාගෙන එතන හිටපු පුහුණු කරන කොල්ලෝ දිහා බැලුවා . ඒ පුහුණු කරන කොල්ලෝ අතරේ හිටපු අහින්සක නිකේ දිහාට තමා රෙහාන්ගේ උකුසු ඇස් ගිහින් තිබ්බේ .
නිකේෂුත් හේෂාන්ගේ කීමට ම හේෂාන්ව දන්නේ නෑ වගේ ඉන්න ලොකු ට්රයි එකක් දුන්නා . ඒ නිසා නිකේෂ් කරේ අත් දෙකත් පිටිපස්සට බැදගෙන ඔහේ ඉස්සරහා බලාගෙන හිටිය එක .
" 11 යි බොස් !! "
එතන හිටිය ඔක්කොම කොල්ලෝ ටික ග්රවුන්ඩ් එක දෙදරන්න තරම් හයියෙන් එහෙම කිව්ව . ඒත් එක ගොනෙක් හැර . ඔව් ඉතින් වෙන කවුද අපේ නිකේරිලා තමා .
කොම්ලා හිටියේ තමන්ගේ යාලුවෝ දෙන්නට කරදරයකට වෙලා ද කියලා බයෙන් . නිකේෂ්ට මතක් වුනා හේෂාන් ඒ කූඩුව ගැන කියපු කතාව . ඒක මතක් වෙද්දිත් නිකේෂ්ට ඇති වුනේ ලොකු බයක් .
හේෂාන් ඒ ගැන කියද්දි එච්චර බය හිතුනා නම් ඒක ඇතුලේ ඉන්න යශ්මිත වගේම කෙනුල් කොච්චර බයකින් ඉන්නවා ඇත් ද කියලා හිතද්දි නිකේෂ්ට ඇති වුනේ ලොකු දුකක් .
![](https://img.wattpad.com/cover/385055826-288-k276459.jpg)
YOU ARE READING
හදවත් ❤️
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...