මමයි , ලෙවින් අයියයි , ටිරානුයි හති හල හල කෑම්ප් එක පැත්තට දිව්වේ ඒ පාර මොන විනාසයක් ද වුනේ කියලා හිතන ගමන් .අපි කෑම්ප් එකට යද්දි මුලු කෑම්ප් එකම සොම්බිලා වෙලා එක එක්කෙනාව මරාගන්නවා .
අම්මෝ මම එහෙම හිතුවට එච්චර භයානක දෙයක් වෙලා නෑ . ඒත් කෑම්ප් එකේ අය යශ්මිතලාගේ අතුරුදහන් වීම ගැන දැනගෙන කලබල කරන්න පටන් අරන් .
මොකද කලින් පාර වෙච්ච දේ නිසා කෑම්ප් එකේ ටික දෙනෙක්ට මැරෙන්න වුන නේ . ඒ හින්දා මෙයාලා හිතලා තියෙන්නේ ආයෙත් එහෙම වෙයි කියලා . ඒක ගැන නම් හැබැයි අපිටත් ෂුවර් නෑ ..
" මේ පුතා ඔයාලා ඕනේ එකක් කරගන්න , අපි තවත් මෙතනට වෙලා හිටියොත් නිරපරාදේ උන්ට අහුවෙලා මැරෙන්න වෙන්නේ . "
" අපිට මෙතන තවත් ආරක්ෂාවක් නෑ කියන එක තේරෙනවා නේ ඔයාලට . කලින් පාර වුන දේ ආයෙත් වුනොත් මොකද්ද කරන්නේ කියනවද "
" උඔලට මැරෙන්න ඕනෙද මෙතනට ම වෙලා ඉදලා , ගිය පාර වුන දේ හැටියට උන් මේ පාර මොනවා කරයිද කියලා කවුද දන්නේ ."
" ගිය පාර මගේ මාමාත් උන් නිසා මැරුනා . දැන් අපිටත් මැරෙන්න ද කියන්නේ මෙතන ඉදලා ."
" අර නැති වුනා කිව්ව ලමය තුන්දෙනාට මොනා වෙලා ද මන්දා . උන් නම් මහ තිරිසන්නු . අර අහින්සක කොල්ලෝ තුන්දෙනාව මෙලහකටත් මරලා දාලා ඇති"
බුදු අම්මේ මගේ කන් දෙකේ පොල් ගෙඩි දෙකක් ඔබා ගන්න හිතෙනවා දැන් නම් . මේ ගෑනු ටික බෙරිහන් දෙන්නේ නිකන් උන්ගේ මොකෙක් හරි පැහැරන් ගියා වගේ නේ .
එක එක්කෙනා එක එක ගොන් කතා කිය කිය කෑගද්දි ටිරානුයි ලෙවින් අයියයි ඒ දිහා බලන් හිටියේ මුන් ඔක්කොම මරන් කන සයිස් බැල්මකින් .
ඇයි යකෝ මේ නාකි කෙල්ලෝ සෙට් එක කෑගහන විදිහට කන් අඩිත් පුපුරයි. මේ යන විදිහට මෙච්චර වෙලා ආරක්ෂිතව තිබ්බ කන්ද උඩටත් සොම්බිලා ආවොත් මම නම් පුදුම වෙන්නේ නෑ . ඒ තරමට මුන් සද්ද කරනවා නේ . සික් මොලේ කියලා කලදක්වත් නැද්ද යකෝ මුන්ට .
" ඔය කටවල් වහගෙන පොඩ්ඩක් සන්සුන් වෙනව ද "
ටිරාන් සද්දයක් දාලා එහෙම කිව්වත් ඒ හැට පැනපු කෙල්ලෝ ටික නම් එක තප්පරේකටවත් කෑගහන එක නැවැත්තුවේ නෑ . යකෝ මේ සද්දෙට සොම්බිලා තොපි කටවල් කන්න කන්ද උඩට නගියි කෙල්ලනේ .
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...