32 ♥️

49 5 3
                                    

තෘ මානයෙන් 💗💗 ,

" ම..මට දැන් ම මෙතනින් එන්න බෑ ආධ්‍ය . මට මුන් එක්ක විසගන්න ලොකු ඩීල් එකක් තියනවා . මු..මුන් මගේ අම්මයි , තාත්තයි මරා ගත්තා මදිවට මගේ මල්ලිට හිටපු එකම මනුස්සයාවත් මුන් මරලා දාලා . මම මුන් එකෙක්වත් අද යහතින් තියන්නේ"

ඔච්චර වෙලා බැල්කනි එකේ අත් වැටට හේත්තු වෙලා පොඩි එකා වගේ අඩ අඩ හිටිය හේෂාන් එකපාරට එහෙම කියාගෙන කාමරේ පැත්තට ගිහාම නිකේෂ් උඩ ගියා ..

නිකේෂ්ට තේරුනා හේෂාන් මේ යන්නේ හොදකට නම් නෙවේ කියලා . මොකද හේෂාන් කොච්චර හොද කෙනෙක් වුනත් තරහා ගිය වෙලාවට යක්කුන්ටත් හපන් කියලා එයා මේ දවසට දෙකට හොදට තේරුම් අරන් හිටියේ

ඒ නිසා නිකේෂුත් හේෂාන් කිව්ව දේවල් ගැන හිතන එක ටික වෙලාවකට අමතක කරලා හේෂාන් පස්සෙ කාමරේට දිව්වේ මූ මොන පිස්සුවක් නටයි ද කියලා ෂුවර් නැති නිසා ..

නිකේෂ්ට හිතා ගන්න බැරි වුනා ලෙවින්ට තව සහෝදරයෙක් ඉන්නවා කියන එක කවුරුවත් ම නොදන්න දෙයක් වුනේ කොහොම ද කියලා . ඒකත් ඒ හේෂාන් වුන එක නිකේෂ්ව තවත් පුදුමයට පත් කරන්න හේතුවක් වුනා .

ලෙවින් , හේෂාන් කියන්නේ වෙනස් ම චරිත දෙකක් . ඉතින් එහෙම වෙද්දි මේ වගේ දෙයක් නිකේෂ් කොහොම විශ්වාස කරන්න ද .

අනික හේෂාන් එයාගේ අම්මයි , තාත්තයි ගැන කිව්ව දේ නිකේෂ්ට හරියට මීටර් කරගන්නත් බැරි වුනා ...

ඒත් මේ හැමදේම ටිකකට අමතක කරලා දාපු නිකේෂ් හේෂාන් පිටිපස්සෙන් කාමරේට යද්දි එයා දැක්ක දේත් එක්කන් ෂොක් වෙලා වෙලා වගේ හේෂාන් දිහා බලන් හිටියා .

" උඔට පිස්සුද අයියේ . ඔය ටික තියහන් බිමින් "

නිකේෂ් එහෙම කියාගෙන හේෂාන්ගේ අතේ තිබ්බ පිස්ටල් ටික උදුරගන්න හැදුවත් ඊට වඩා ඉක්මන් වුන හේෂාන් නිකේෂ්ගේ බෙල්ල හිර කරලා ඇදට තියලා තද කරලා අල්ලගත්තේ නිකේෂ්ට කතා කරගන්නවත් බැරි වෙන තරම් තදින් .

හේෂාන් නිකේෂ්ගේ මූණ ලගට ම ලන් වුනේ නිකේෂ්ව මරාගෙන කන්න යන සොම්බියෙක් වගේ . හේෂාන්ගේ ඇස් රතු වෙලා තිබ්බ විදිහට නිකේෂ්ගේ කටේ කෙලත් හිදුනා .

හදවත් ❤️Where stories live. Discover now