34 ♥️

59 6 13
                                    

" ශා..ශාක්‍ය. මේ ඔයා ද "

ලෙවින් අයියට කියලා සුප් එක පොවාගන්න ගිය අතරේ පට්ට හුරුපුරුදු ගෑනු කෙනෙක්ගේ කටහඬක් ඇහුන නිසා මම එක පාරට දොර දිහා බැලුවා . මම හැරිලා බලපු පාර තව පොඩ්ඩෙන් සුප් ටික නරක තැනකට වැටෙනවා කියහන්කෝ . හොද වෙලාවට එහෙම උනේ නෑ .

එතන හිටියේ මම ජීවිතේට ආයේ හම්බවෙන්න බලාපොරොත්තු වුන රූපයක් නම් නෙවේ . ඒ මූණ , ඇස් මතක් වෙද්දිත් මගේ අත මිට මෙලවුනේ ආපු තරහටමයි ..

ඒ නමින් මගේ ජීවිත කාලෙට ම කතා කරේ එකම කෙනෙක් වෙද්දි මම ඒ නිසා ම ඒ නමටත් වෛර කරා .ඔව් ඒ එයා තමා ..

නිශාදි... මගේ එක්ස් ගර්ල්ෆෙන්ඩ්. ආදරේ කරන එක මම පටන් ගත්තේ නිශාදිගෙන් . ඒත් මට ආදරේ කියන වචන ටිකත් එපා වුනේ නිශාදි නිසාමයි ..

මම එයාට ගොඩක් කල් කැමැත්තෙන් හිටිය බව ඇත්ත . ඒත් හැම මනුස්සයා ම පිටින් බලන තරම් ඇතුලෙන් සුන්දර නෑ . නිශාදි කියන්නේත් ඒ වගේ කෙනෙක් .

එයා තරම් මගේ හිත පාරපු කෙනෙක් ලොවෙත් නැතුව ඇති . හ්ම් ...මම ආදරේට හෙන ලෝභයි . ඒ වගේම මම ආදරේ නැති කරගන්නත් බයයි .

මම ආදරේ කරපු නිශාදි , මම හිතේ මවාගෙන හිටිය නිශාදි නෙවේ කියලා තේරුම් ගන්න මට වැඩි කාලයක් ගියේ නෑ . ඒත් මගේ පලවෙනි ආදරේ ම ඒ විදිහට මාව රවට්ටද්දි මම කොහොම ද හිත හදාගෙන ඉන්නේ .

ඒ අතීතේ....අතීතේ බල්ලට දාපන් බං . මොන රෙද්දට ද මම ආයේ මේ හොද වුන තුවාලයක් බලෙන් හමගහලා පාරගන්න යන්නේ . නිශාදි කියන්නේ පෑරිලා , පැසවලා ගියත් අද වෙද්දි කැලලක්වත් නැති තුවාලයක් .

ඒකට හේතුව මගේ ලෙවින් අයියා . ඒ තුවාලෙට හොදම බෙහෙත මගේ ලෙවින් අයියාගෙන් මට මේ ලැබෙන ආදරේ . ඒ ආදරේ නිසා නිශාදි කියන තුවාලේ සදහටම මගෙ හිතින් ඈත් වුනා . ඒත් ඇයි ආයෙත් ....

එයාව මට මේ විදිහට ආයේ හම්බෙයි කියලා මම ජීවිතේට හිතුවේ නෑ.

" එවෝන් , How is her . You know she ? "

ලෙවින් අයියා මගේ උරහිස්සකට අතක් තියලා එහෙම අහද්දි තමා මම හරි සිහියට ආවේ . ආපෝ සැක් විතරක් . මම මෙච්චර වෙලා මේකි ගැන හිත හිත ද හිටියේ .

හදවත් ❤️Where stories live. Discover now