දැනට සොම්බි වෛරස් එක පටන් ගෙන මාස හතරකටත් ලගයි .ලංකාවේ ප්‍රසිද්ධ ඒ වගේ ම ජනාකීර්ණ ම ප්‍රදේශයක් වුන කොලඹ අද තියෙන තත්වය දැක්ක ම ලෝකයක් කොච්චර කෙටි කාලයක් ඇතුලත වෙනස් වෙන්න පුලුවන්ද කියලා හොදට තේරුම් ගන්න පුලුවන් .
ඉස්සර පාරේ මනුස්සයෙක් නැති එක මොහොතක්වත් දකින්න හම්බ වුනේ නැති වුනත් දැන් ඒක ගොඩක් වෙනස් වෙලා .දැන් පාරෙ දි සාමාන්‍ය මනුස්සයෙක් දකින්න ලැබීමත් දුර්ලබ දර්ශනයක් වෙලා . වෛරස් එක කවදා කොහොම ඇති වුනා ද කියලා නම් මම දන්නේ නෑ . ඒ වුනාට මේකෙන් සමාජයට වගේ ම මනුස්ස වර්ගයාටත් විශාල බලපෑමක් ඇති වෙලා .
රජයක් , නීතියක් , රෝහලක් , හරි අධ්‍යාපනයක් නැතුව මිනිස්සු තමන්ට හිතෙන හිතෙන විදිහට ජීවත් වෙන්න අරන් . කවුරු මොනවා කිව්වත් මේ සමාජයේ වෙනස් වෙලා නැති එකම දේ පන්ති බෙදීම කියලයි මට නම් හිතෙන්නේ . හැම වෙලාවෙම වෙන්නේ බලවතා දුප්පතාට හිංසා කරන එක . ඒක මම හිතන්නේ නෑ ලේසියකට වෙනස් වෙයි කියලා . 😓
කොන්ක්‍රීට් වනාන්තරයක් වුන කොලඹ දැන් වෙනකොට ටිකින් ටික ඇත්තම වනාන්තරයක් වෙන්න පටන් අරන් . නිසි අලුත්වැඩියා සිදු වෙච්ච නැති ගොඩනැගිලි ටිකෙන් ටික ගරා වැටිලා . පොඩිවට තිබ්බ ගෙවතු විසාල කැලවල් වෙලා . කඩවල් කම්පැනීස් වහලා දාලා .මේවා දැක්කහම මාර කලකිරීමක් ඇතිවෙන්නේ .
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...