" හරි දැන් හිමීට කියන්නකෝ යශ්මිතට තුවාල වෙලා ද .නැත්තන් මොකක් හරි සොම්බි ඇටෑක් එකක් ද "
ලෙවින් අයියා යශීගේ ඔලුව හිමීට අතගාන ගමන් එහෙම කියද්දි හති හල හල හිටපු යශී ඒ දෙකට ම නෑ කියන්න වගේ ඔලුව වැනුවා .
ඒකට නම් මට වඩා පුදුම උනේ ලෙවින් අයියා . ඒත් එයා පුදුම උනාට වඩා බය වුනා කිව්වා නම් හරි . ලෙවින් අයියගේ ඇස් ගැස්සිලා යශීගේ ඔලුව අතගාන එකත් නතර කරලා පස්සට වුනා ම මමත් කම්ෆියුස් වෙලා ගියා .
" අ..අනේ අයි..අයියේ ම..මගේ අයියව හොයලා දෙන්නකෝ . අනේ එ...එයාට කර..කරදරයක් කරයි . "
යශී කියන මල සසරක් මට තේරුනේ නෑ .මොනවද මේ කෙල්ල කියන්නේ . හොල්මනකට බය වුනා වෙන්න බෑත . ඒ වුනාට හොල්මනක් සෙට් වුනොත් මේකි ඒකාටත් කනේ පාරක් දීලා එයි . එහෙම එකේ මොකටද මෙච්චර බය වෙලා ඉන්නේ .
මම දන්න විදිහට යශී ස්ට්‍රෝන්ග් කෙල්ලක් . එයාට තියෙන්නේ මාර ශක්තිමත් හිතක් . මම මේ ඒකිව අතු උඩ තියනවා නෙවේ හොදේ . ඇත්ත කිව්වේ .
ඒත් මොන ස්ට්‍රෝන්ග් කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් තමන්ගේ පවුලේ අයට මොකක් හරි උනොත් කඩන් වැටෙනවා . මම උනත් මෙහෙම හිනා වෙලා හිටියට මගේ අම්මයි තාත්තයි කොහේ ඉන්නවද කියලා මමවත් දන්නේ නෑ .
ඒවා ගැන දැන් හිතලා වැඩක් නෑ . යශ්මිතට මොකද්ද වුනේ කියලා හොයා ගන්න එපැයි ඉස්සර වෙලා ම .මමත් යශී ලගම දණගහත්තම කොහෙන්දෝ ආපු එකෙක් මගේ ඇගෙත් වැදිලා යශී ලග ඉදගත්තා . ඒ හිටියේ ටිරාන් .
ඌ බය වෙලා වගේ අඩන යශී දිහා බලන් හිටියේ . යශී ටිරාන්ගේ උරිස්ස උඩින් ඔලුව තියාගෙන හයියෙන් ඉකි ගහන්න ගත්තේ ගගක් වගේ කදුලු ගහද්දි .
" අනේ යශී මැණික අඩන්නේ නැතුව මොකද්ද වුනේ කියන්නකෝ රත්තරන් . යශ්මිතට ප්‍රශ්නයක් නෑ නේද . බය වෙන්න එපා මම ඔයා ලග ඉන්නවනේ .අපි අයියව හොයා ගමු හොදේ . දැන් අඩන්නේ නැතුව වෙච්ච දේ කියන්නකෝ මැණික "
ටිරාන් යශීගේ කම්මුල් දිගේ ගලන කදුලු පිහදාලා පට්ට ආදරණිය ටෝන් එකකින් යශීට කතා කරද්දි මට හිතාගන්න බැරි වුනා මේ අර පිස්සු කෙලින ටිරාන් ද කියලා .
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...