කතෘ මානයෙන් 💗💗,
" ඕයි , මුන් තුන්දෙනාව ලොක්කා ගාවට අරන් පලයන් . මේ ඇට්ටර එකාගේ කට වැඩී . ඌව පොඩ්ඩක් බලාගන්න වෙයි "
උස මහත හාදයෙක් එහෙම කියන ගමන් එතන හිටපු එකෙක්ට යශ්මිත , කෙනුල් වගේ ම නිකේෂ්වත් බාර දීලා වෙන කාමරේකට ගියා .
"හරි හේෂාන් බොස් .මෙහේ වරෙන් . වැඩිය නටන්න ලැස්ති වෙන්න එපා හොදේ . දන්නවනේ අපේ ලොක්කා ගැන . තොපි තුන්දෙනාව ම සොම්බින්ට කන්න දායි "
" අනේ පලයන් බල්ලෝ . අපි මෙතන - "
" කෙනූ කට වහගෙන ඉන්න පොඩ්ඩක් "
යශ්මිත පුලුවන් තරම් ඉක්මනට තමන්ගේ කටට බ්රේක් නැති පෙම්වතාගේ කට වහගත්තා . ඒ තුන්දෙනාට ම handcuffs දාලා එතන තිබ්බ කාමරයකට ගෙනිච්චා . ඒ තුන්දෙනාගෙන් කවුරුවත් ම දන්නේ නෑ ඒ වෙද්දි එයාලා ඉන්නේ කොහෙද කියලාවත් .
මොකද කිව්වොත් කෑම්ප් එකේ ඉදන් මෙහෙට ආවට පස්සේ දැන් තමා මෙයාලා එලියට ආවේ .සිහිය නැතුව , හරියට කෑම බීම නැතුව යශ්මිත , නිකේෂ් වගේ ම කෙනුල් හිටියෙත් ගොඩක් අමාරුවෙන් .
යශ්මිතලාව එක්කගෙන ආපු බොඩිගාඩ් කෙනෙක් වගේ පොරක් දොරක් ඇරලා ටිකක් ලොකු කාමරේකට ඇතුලු වෙලා යශ්මිතලාටත් එන්න කියලා ඔලුවෙන් සන් කරා .
" ලොක්කා මේ අර අපිට හෙන ලොකු සීන් දාපු කෑම්ප් එකේ සෙට් එක . මම හිතන්නේ මේ පාර නම් මුන් ඔක්කොලාම හොද පාඩමක් ඉගෙන ගනී ."
එතන ඉස්සරහ පුටුවක නිකන් ගෙබි කුමාර බකබකනායක වගේ ශේප් එකක් තිබ්බ ටිකක් නාකි පොරක් හිටියා . ගොඩක් දුරට ඒ එතන පාලනය කරන කෙනා වෙන්න ඕනේ .
ඒ නාකි පොරගේ එහා පැත්තෙන් තව ටිකක් තරුණ වයසේ දාමරික කොල්ලෙකුත් හිටියා . වයසින් අවුරුදු විසි පහක් වගේ උන උට තිබ්බේ ටිකක් වැඩුනු ඒත් කෙට්ටු ඇගක් . ඒ වගේම උන් දෙන්නට පිටිපස්සෙන් තවත් බොඩි ගාඩ්ලා වගේ හෙන උස මහත ඩයල් තුන්දෙනෙක් හිටියා .
"ම්ම්ම්. දැන් උඹලා මම කියන දෙයක් අහගෙන පාඩුවේ ඉදපියව් . අපි බලමුකෝ තොපේ මහලොකු කෑම්ප් එකේ කීදෙනෙක් තොපිට ආදරෙයි ද, කී දෙනෙක් තොපි මැරුනම අඩයි ද කියලා "
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...