කතෘ මානයෙන් 💗💗,
" කෙනූ , ඔයා හොදින් නේද බබා "
" හ්ම් ."
" ඒ බං යශ්මිත මුන් අපිව තව දවස් කීයක් මේ ගුහාව අස්සේ කන්න නොදී වේලවලා තියයි ද මන්දා . "
" අපි බලමුකෝ නිකේෂ් "
දැන් යශ්මිතලා දවස් දෙකකින් මොකුත් ම කාලා නෑ .යශ්මිතටයි , නිකේෂ්ටයි නම් ලොකු අමාරුවක් නැතත් කෙනුල් හිටියෙ ටිකක් අමාරුවෙන් .අරුන් මෙයාලව හිර කරාට පස්සේ තව වෙනකන් ආයේ ඒ පැත්තටවත් ආවේ නැ .
" කෙනූ . ඒයි කෙනූ . ඔයාට අමාරුයි ද බබා . කෙනූ "
" ම්ම්ම්...නෑ. ම..මම හො..දින් "
යශ්මිතට කෙනුල් ගැන ඇති වුනේ කියාගන්න බැරි තරම් දුකක් . තමන්ගේ ඔඩොක්කුවට වෙලා ඇස් දෙකත් වහගෙන හෙමින් හුස්ම ගත්ත කෙනුල්ගේ ඔලුව අතගාන ගමන් යශ්මිත නිකේෂ් දිහාට හැරිලා බැලුවා .
" ඒ බං දැන් නම් මේක හොදට ම ඇති . මට මේකා මෙතන මැරෙනකන් බලාගෙන ඉන්න බෑ . අනේ නිකේ පොඩ්ඩක් බලපන්කො බං . මුට මොනවා හරි වුනොත් මම ඉදලා වැඩක් ද "
" ෂ්..ෂ්.. පොඩ්ඩක් කට වහගනින්කො .මට අඩි සද්දයක් ඇහෙනවා . අරුන් එනවා ඇති . දැන්වත් කියන දෙයක් අහලා ඉන්න බලමු . පස්සේ බැරි ආහ් මේ කාලකන්නි තැනින් පැනලා යන්න "
යශ්මිතලා හිර කරලා තිබ්බ අදුරු කුටියට ලගින් ඇහුන අඩි සද්දය නිසා නිකේෂ් යශ්මිතට කට වහගන්න කියලා කිව්වා . කොහෙන්දෝ ආපු ටෝච් එලියක් එකපාරට මූණට වැදුන නිසා යශ්මිත වගේම නිකේෂුත් ඇස් දෙක පොඩි කරගත්තා . දවස් දෙකක් තිස්සේ අදුරට ඇස් හුරු කරන් හිටිය නිසා එයාලට ඒ ටෝච් එලිය එක පාරට දරා ගන්න අමාරු වුනත් ,ටිකක් වෙලා යද්දි ඒක ඇහැට හුරු වුනා .
" ඕයි මේ දොර ඇරපන් "
හරියට මූණ පෙනුනේ නැතත් ඒ කියපු කෙනාගේ කටහඩනම් ගොඩක් ගැඹුරුයි. එතනට ආපු මනුස්සයෙක් ඉක්මන් කරලා යශ්මිතලා හිටිය කාමරේ දොර ඇරියා පස්සේ එලිය හිටිය මනුස්සයා ඒ කාමරේ ඇතුලට ආවා .එතන හිටියේ රෙහාන් .
" අහ් මේක ගනින් . ඕක බීලා මාත් එක්ක වරෙන් . හැබැයි , තොපි එකෙක් හරි වැඩිය කටගහගෙන ආවොත් මම තොපි තුන්දෙනාව ම බාවනවා ."
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...