🍁 1st Chapter 🍁

3.5K 317 21
                                    


Life is a coincidence .. During that journey I stopped at that mind ..

.........................................................................

Xiao zhan pov,

      මන් ජීවිතේ ආසාවෙන්ම බලන් හිටිය දවසක් අද.. මේ දවස මෙච්චර ඉක්මනට එයි කියල මන් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ. ඇත්තටම මේක හදිස්සියේ තීරනය උන දෙයක්. කොහොම උනත් මේ දවසට මන් හරිම ආදරෙයි. අවුරුදු ගානක මගෙ ඒක පාර්ශවික ආදරේ අද ඉදන් සදහටම මගේ වෙනවා.. මන් දන්නවා මේ දේට කැමති මන් විතරයි.. එයා මෙ ගැන ටිකක්වත් කැමති නැ. ඒත් දැන් අපි දෙන්නටම කරන්න දෙයක් නෑ. මන් වැකේෂන් එකට ප්‍රංශෙ ඉදන් චීනෙට ආවෙ අවුරුදු ගානකින් ඇවිත් නැති නිසයි. ඒත් හිතපු නැති විදිහට මේ දේ උනා..
ඔව් අද මගෙ වෙඩින් එක. ඕනිම කෙනෙක් සතුටු වෙන දවස. මාත් පුන පුනා බලන් හිටපු දවස. සතුට වගේම දුකත් මේත් එක්ක මට දැනෙනවා.

අද මගෙ සතුට බෙදා ගන්න මගෙ අම්මයි තාත්තයි දෙන්නම මන් ලග නෑ. මීට අවුරුදු 5කට කලින් ඒ දෙන්නම මාව දාල ගියා. එ මට වයස 14දී.. ඊට පස්සෙ අම්මගෙයි තාත්තගෙයි යාලුවො උන මිස්සි වැන්ග් වගේම ෆැන්ග්මියෑන් අන්කල් මාව බලා ගන්න ආවා. මිසිස් වැන්ග්ට පවුලේ වැඩ එක්ක මන් ලග ඉන්න එක අපහසු නිසාත් ෆැන්ග්මියෑන් අන්කල් තනියම නිසාත් මන් ෆැන්ග්මියෑන් අන්කල් එක්ක තියා ගත්ත.. එයා මාව එයාගෙ දරුව වගේ බලා ගත්ත. එයා ඩොක්ටර් කෙනෙක්. එයාගෙ වැඩ නිසා අපි චීනේ අතෑරල ප්‍රංශෙට ගියා. හරියටම ඒ යන්න කලින් දවසෙ තමා මන් මගෙ ඒක පාර්ශවික ආදරේ හිමිකාරයා යීබො මිසිස් වැන්ග්ගෙ පුතාව දැක්කෙ.. ඒ වෙනකන් කිසිම කෙනෙක් ගැන හිතිල නැති මගෙ හිත එයා වෙනුවෙන්ම වෙන් උනා. ඒත් එයා නම් මාව දැකල නැ. කොහොම උනත් මගෙ හිත වෙන කෙනෙක්ට ගිහිල්ලත් නැ. මැරෙන තුරාවටම එයාට විතරයි මන් මගෙ ආදරේ දෙන්නෙ.. මගෙ අම්මට තාත්තට පස්සෙ මන් වැඩියෙන්ම ආදරේ කරන්නෙ එයාට. එයා මට ආදරේ කරත් නැතත්.
      
      අද මගෙ අත අල්ලන් අල්තරෙ ගාවට යන්න මගේම කියල කවුරුවත් මට නෑ.. ඒත් හැමදාම වගේ මන් ගාව හිටිය මගෙම තාත්ත වගේ මාව ආරක්ෂා කරපු ෆැන්ග්මියෑන් අන්කල් දොරත් ඇරන් ආවා.. මන් සැනසුම් හුස්මක් හෙලල අන්කල් දිහා බලල හිනා උනා. ස්තූතියි  හැමදේටම...

Evening star  (Completed)Where stories live. Discover now