Thank you.. Finally I am with my family.. all because of you. I love you.
.........................................................................
Wang yibo pov,
"ම්ම්.... ශාන්....ම..මාව දාලා යන්න එපා.. ශා-න්.. ප්ලීස්.."
" ම...මා... ම..මා..."
" යීබෝ .. ඒ නැගිටපන් බන් "
"ෂූවන්.."
"නැගිටලා මෙ බෙහෙත් ටික බොන්න.. ඉක්මනට හොද වෙන්න ඔනි නම්.."
දවස් තුනක ඉදන් දකින ඒ නපුරු හීනෙ ආයෙම දකිනකොට මම අදත් බය වෙලාම නැගිට්ටා... එත් ඒ බය මගෙ හිතෙන් ඇර ගියෙ නැ. මම හීනෙන් දැක්කෙ ශාන් ආයෙම මාව දාලා යන්න යනවා.
" මට.. මට යන්න ඔනි බන්.. ශාන් ආයෙම මාව දාලා යයි. "
" නටන්නෙ නැතුව හිටපන්... බලපන් උබෙ උන තාම අඩු වෙලත් නැ. දවස් දෙකක් අසිහියෙන් කරපු විකාරයක් මමනෙ දන්නෙ.. බොරුවට කලබල වෙලා ආයෙම කකුල පාර ගන්නෙ නැතුව මේ බෙහෙත් ටික බීපන්.."
" එත් බන්.."
" කට වහපන්.. ආ.. මෙ ටික බිපන්..."
ෂූවන් මට සද්දෙ දානකොට මම එයාගෙ අතේ තිබුන බෙහෙත් ටික අරන් බීවා. එදා ශාන්ගෙ ගෙදර ගාව දී වැස්සෙදි මට සිහි නැති වෙනකොට ෂූවාන් මාව එක්කන් හොස්පිටල් එකට ඇවිදින් තිබුනා.. VIP රූම් එකක් බුක් කරලා මාව එකේ තියපු ෂූවන් මේ දවස් දෙක, නෑ තුනක් පුරාවට නිදාගෙන තිබුනෙ නැ.. වැස්සට තෙමුන නිසා සහලෝලා උන ගන්නකොට දවස් ගානක තෙහෙට්ටුව නිසාම මගෙ කකුලක් ආයෙම පෑරිලා තිබුනා. මුළු දකුනු කකුලම සම්පූර්ණයෙන්ම ඉදිමිලා තියනකොට එ ඔක්කොම අල්ලලා මම ඉදලා තියෙන්නෙ අසිහියෙන් කියව කියව..
සිහිය ආවත් මට සුවයක් නොවුනෙ තාමත් මුළු ඇගම ගිනිකබලක් ගානට රත් වෙන තරමට උන තිබුන නිසයි.. මට දැනුනා මාව දුර්වල වෙලා කියන්න. එ උනත් මට ඔනි උනෙ මෙතනින් නැගිටලා ගිහින් ශාන් ගාවට යන්න. මම බය උනා එයා ආයෙම මාව දාලා යයි කියලා.
" ෂූයා... ශාන් ආ-ආයෙ මන් ගාවට එන්නෙ නැති වෙයිද බන්? අපේ දරුවව මට නැති වෙයිද බන්?"
" යීබෝ."
" මට මට බයයි එයාල ආයෙම මගෙන් ඈත් වෙයි කියලා.."
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022