🍁 65 Chapter 🍁

1.2K 199 34
                                    

How can you love me so much? Why do you love me without expecting anything in return?

.........................................................................

Wang yibo pov ,

"ශා....න්..."

" ශාන් ..ශාන් ඇස් අරින්න ශාන්.. ශාන්... නැගිටිනවා.. මාව බය කරන්නෙ නැතුව නැගිටින්න ශාන්.."

" ශාන් නැගින්නකො මැණික..ශාන්..."

ශාන් පඩිපෙලේ උඩ ඉදන් පහලට රෝල් වෙලා වැටෙනකොට මම එයාව අල්ල ගන්න උඩට යන්න හැදුවත් ඇස් පිල්ලම් ගහන වේගෙන් හැමදෙම වෙලා ඉවර උනා.. මගෙ ඇස් ඉස්සරහාම එයා මගෙ ශාන්ව පඩිපෙලින් පහලට තල්ලු කරා... පඩිපෙලෙ වැදි වැදී ආව ශාන්ගෙ මූන වගෙම නලල තුවාල වෙලා තියනකොට මන් එයාව අල්ල ගත්තා..

" දෙයියනෙ ශාන්ශාන් "

" ඩීඩී මොකද.. දෙයියනෙ ශාන්.."

" දරුවො.. "

"යීබෝ මොකද උනේ? යිබෝ?".

මගෙ කැගැහිල්ලට හැමෝම සාලෙට එනකොට මට එ කිසිම කෙනෙක් කියපු දේකට උත්තර දීගන්න බැරුව ගියා.. සිහියක් නැති ශාන්ව අල්ලගෙන මම කොයි තරම් එයාට කතා කරා උනාත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති වෙනකොට මට දැනුනෙ ආයෙම මගෙ හුස්ම නතර වෙනවා වගෙ.. ශාන්ව මගේ අත් දෙකට උස්සා ගත්ත මම කෙලින් වෙනකොට මගෙ ඉස්සරහා හිටියෙ එයා. මගෙ මුළු ජීවිතෙම විනාස කරන්න ආව කෙනා. මගෙ මනුස්සයා, දරුවා මගෙන් ඈත් කරපු කෙනා.. හැමදේම කරලා එක පාරටම අතුරුදහන් උන කෙනා.. දරා ගන්න බැරි තරම් කේන්තියක් හිතේ ඇති උනත් මෙ වෙලාවෙ ශාන්ට අවදානෙ දුන්න මම එයාවත් අරගෙන අනිත් පැත්ත හැරුනා..

" යීබෝ ඉක්මනට ශාන්ව අරන් එන්න. එයාගෙ ඔලුවෙන් ලේ එනවා."

"යීබෝ ඇයි මේ?"

අරයගෙන් ම අහගන්න්න් වෙච්ච් දේ.."

" මොකක්ද උනෙ කියනවා"

දත්කූරු කන ගමන්ම මමා අහපු ප්‍රශ්නෙට උත්තර දුන්න මම ශාන්ව අරන් ගෙදරින් එලියට එන්න ආවෙ ශාන්ව පුලුවන් ඉක්මනට හොස්පිටල් එකට අරන් යන්න හිතාගෙන වෙනකොට මගෙ පස්සෙන්ම ගාගා දුවගෙන ආවා.. මම එන්න එනකොට ඇහුනා මම එයාගෙන් වෙච්චි දේ කලබලෙන් අහනවා.. මම ඔයාව අල්ල ගන්නම් මේ කරපු හැමදේටම...

Evening star  (Completed)Where stories live. Discover now