🍁 24 Chapter 🍁

1.3K 238 29
                                    

My heart starts beating faster when you are near. Because I love you so much ....

.........................................................................

Xiao zhan pov,

ෂෝ එකට ඕනි හැමදේම මේ වෙනකොට ලෑස්ති වෙලා තිබුනා උනාවත් මගෙ හිත ඕනිවටත් වඩා වේගෙන් ගැහෙන්න ගත්තෙ මන් නිසා යීබෝට අනිත් අය ඉදිරියේ ලැජ්ජා වෙන්න වෙයිද කියලා හිතුන නිසා . මන් මේ ක්ෂේත්‍රයට අලුත්. ඉතින් එහෙම එකේ දැනට මෙහෙ ඉන්න ප්‍රවීන අයත් එක්ක තරග කරන එක මට හීනයක් වගෙ උනා.

ෆැෂන් ෂෝ එක හවස තියන නිසාම උදෙ යීබෝ ඔෆිස් එකට ගියා වගෙම මන් කල්පනා කරෙ මන් කොහොමද එතනට යන්නෙ කියලා.. උදේ වෙනකොට මන් පේ කරපු කාර් එකත් මට ගන්න පුලුවන් උනා වගෙම මේ ෂෝ එකට යන එක මට ලොකු ගැටලුවක් උනා. මේකට යනව කියන්නෙ එතන ඉන්න බහුතරය මාව අදුර ගන්නවා. මන් කොහොමවත්ම කැමති නැ කට්ටිය තලෙ ඉන්න එක මට කරදරයක්.
මන් ආස නෑ එහෙම වෙනවට..

ඇත්තටම මට දැන් යන එක ලොකු දුකක්. කුවාන් ගාගායි ෂිජියේ වෙනම යන නිස හරි නම් මමයි යීබෝයි එකට යන්න ඔනි. ඒ උනත් අපි එහෙම එකට යන එක ප්‍රශ්නයක් වෙයි. කිසිම කෙනෙක් අපි මැරි කරලා කියන එක දන්නෙත් නැ වගෙම එයා තාම එක ගැන ප්‍රසිද්ධ කරෙත් නැ. එ වගෙම මාව හැමෝම තලෙ පිළිගත්තෙත් නැ. එතනට ගොඩක් අය එනව ඉතින් යීබොව ගොඩක් අය නොදන්නව උනාවත් අපිව අවධානයට ලක් වෙන්න පුලුවන් . මට ගැටලුවක් නැතත් එක යීබෝට අවුල් යන දෙයක් වෙන්න පුලුවන් . ඉතින් මන් හිතා ගත්තා මගෙ කාර් එකෙ යන්න. එතකොට කාටත් හොදයි.

කොහොම උනත් මන් කලින් යන්න ඔනි යීබොගෙ ඩ්‍රෙස් එක බලන්න.. මන් මගෙ ඇදුම එයගෙ එකට සමානවම මගෙ අතින්ම ඩිසයින් කර ගත්තා. යීබෝ එන වෙලාවත් අල්ලලාම මන් හෙමින් ලෑස්ති උනා වගෙම ඒත් එක්කම වගෙ එයා පහලට එනවා ඇහෙනකොට මන් කොන්ඩෙත් හදාන ඉවර උනා..

" ශාන්... ශාන්.. ඔයා ලෑස්ති ද?"

" යීබෝ මන් කාමරෙ.."

" ශාන් ඔ....."

යීබෝ කාමරේට එනවත් එක්කම මන් එයා දිහාට හැරුනා වගෙම ඒත් එක්කම මට මොනාදෝ කියන්න ආව එයා කටත් ඇරන් මන් දිහා බලාන ඉන්නකොට මට උන දේ හිතා ගන්න බැරි උනා. ඒත් ඊලගට එයා මන් දිහා බලපු විදිහට මට ලැජ්ජාව ඔනිවටත් වඩා දැනෙනකොට ඒ බැල්ම දරා ගන්න බැරුව මම බිම බලා ගත්තා උනාවත් මට දැනුනා එයා මන් ලගටම එනවා කියන්න..

Evening star  (Completed)Where stories live. Discover now