🍁 46 Chapter 🍁

1K 212 56
                                    

I pray
I don't know if I can anymore so watch me break
I can see everything torn away from me.....

.........................................................................

Xiao zhan pov,

"ම්ම්...ම්ම්..."

"ශාන්..."

ඇස් දෙකට පේන මානෙ වටේ තියන හැමදෙයක්ම සුදුම සුදුපාට වෙනකොට ඉන්න තැනක්, කිසිම දෙයක් එක පාරටම හිතා ගන්න බැරි උන මම නැගිටින්න හදනකොට කටහඩක් ඇහුන වගෙම ඒ ආව කෙනා මට නැගිටින්න උදව් කරනකොට තාමත් ඇස් දෙක ඇරගන්න බැරුව හිටපු මට වෙච්චි දේවල් එක පෝලිමට චිත්‍රපටියක් වගෙ මැවිලා පේන්න ගත්තා..

"යීබෝ.. "

එයා මාව දාලා යන්න ගියපු හැටි මතක් වෙනකොට මන් හිටපු තැනින් නැගිටින්න හැදුවත් ඒ කටහඩෙ අයිතිකාරයා කවුද කියලා දැනුනම මට කේන්ති ගියා..

" ශාන් ඔහොම ඉන්න ඔයාට බහින්න හොද නැ.."

චටාස්....

එයාට තවත් එක වචනයක් කියන්න දුන්නෙ නැති මම ඇස් දෙක ඇරපු ගමන් එයාට හයියෙන් ගැහුවා.. එ මගෙ ජීවිතේ මන් කෙනෙක්ට ගහපු පලවෙනි වතාව... එකත් ගැහැනු කෙනෙක්ට..

" ඇයි? ඇයි එහෙම කරේ කියනවා?"

" ශාන්....ම..ම..."

" ඇයි කියනවා තමුසෙ මට එහෙම කරෙ? මන් මොන වැරැද්දක් කරාටද මගෙ ජීවිතේම විනාස කරෙ.? කියනවා... මන් තමුසෙට යාලුවෙක්ට වගෙ නේද සැලකුවෙ? ආහ් කියනවා මට? කියනවා ඉතින් ?"

හිතට දැනුන කේන්තිය නවත්ත ගන්න බැරි උනු මම එක දිගට එයාට කෑගැහුවා. මට වේදනයි.. කවදාවත් කාටවත් වැරැද්දක් නොකරපු මට මෙහෙම වෙනකොට මට වේදනයි. එකත් මන් ජීවිතේ අලුතෙන් පටන් ගන්න ලෑස්ති වෙනකොට එහෙම උනාම මට වේදනයි.. ඇයි මටම එහෙම උනෙ?

" ම...මට සමාවෙන්න ශාන්..ම ම..න් හිතුවෙ නැ .."

" ඔව් කියනවා මොනවද හිතුවෙ නැත්තෙ ආහ්? කියනවා.. පවුලක් විනාශ කරලා තමුසෙට මොනවද ලැබෙන්නෙ යැන්සි? දැන් සතුටුද? "

මගෙ අතට ගහලා තියනවා දැකපු සේලයින් එකත් ඇදලා දාපු මම කෑගහනකොට යැන්සි බය උනත් එයාගෙ ඇස්වලින් කදුළු කැට පෝලිමට කඩන් වැටුනා.. එත් මට ඔනි උනා එහෙම කරෙ ඇයි කියලා එයාගෙන් අහන්න.. හීනෙකින්වත් වරදක් නොකර යාලුවෙක් වගේ විශ්වාස කරපු එකට මට එහෙම සැලකුවෙ ඇයි කියලා දැන ගන්න මට ඔනි උනා. මොකද මන් දන්නවා මෙ වුනු දේවල්වලට එයාගේ සම්බන්ධයක් කොහෙන් හරි ගෑවිලා තියනවා කියන්න. නැත්තන් ඒ වෙලාවේ යා වෙරි වෙලා හිටපු විදිහට එයාට කීයටවත් මෙතන දැන් මෙහෙම ඉන්න බැ.

Evening star  (Completed)Where stories live. Discover now