If you are close to me I will do anything for you .. for your happiness forever..........
.........................................................................
Xiao zhan pov,
මන් මේසෙ වැදෙනවත් එක්කම මෙච්චර වෙලා මට බැන බැන හිටපු යීබෝ මන් දිහා බැලුවා වගේම ඒත් එක්කම එයාගෙ මූන වෙනස් උනා..
අත් දෙකෙන්ම කොන්ඩෙ ඇද්ද යීබෝ සෝෆ එකට පයින් ගහල ඉනට අත් දෙක තියාගෙන මන් දිහා හරිම අසරන විදිහට බැලුවා වගේම ඒ සැනින් මන් ගාවට ආව එයා මාව වැලද ගත්තා. හෙමින් නෙමේ ටිකක් තදින් වෙනකොට මගෙ මූන එයාගෙ පපුවෙ තිබුන වගේම එයාගෙ එක අතක් මගෙ ඔලුවටත් අනිත් අතින් මගෙ ඉනත් අල්ලන් හිටියා.
"ශාන්.. අනෙ.. ශාන්...මට සමාවෙන්න ශාන් . ම..මන් එක එච්චර හිතුවෙ නැ ශාන්.."
" මන් කේන්තියෙන් හිටියෙ ශාන්.. "
" අයිම් සොරි ශාන්.."
යීබො එක දිගට කියාන යනකොට මන් කරේ තවත් ඒ පපුව අස්සෙ මූන හන්ගා ගත්ත එක. බය නිසාම මගෙ පපුවත් වේගෙන් ගැහෙනකොට එයා කියපු වචන ටිකට බැරි උනා තාමත් මගෙ බය නැති කරන්න. එයා මාව තදින් වැලදගෙන හිටියා වගේම ටිකකින් මගෙ ඔලුවට එයා හාදුවක් දුන්නා වගේම තාමත් මාව ඒ තුරුලේ තියාන දිගින් දිගටම මගෙන් සමාව ඉල්ලුවා..
" ප්ලීස් ශාන් මට සමාවෙන්න . මන් හිටියෙ ලොකු ප්‍රෙශර් එකකින් ශාන්. "
" මන් දන්නැ, මන් දන්නෙ නැ මට එච්චර ගානක් උනෙ නෑ ඔයාට කියපු වචන ගැන ශාන්..."
එයා ඇත්තටම සමාව ඉල්ලනවා කියල දැනුන මට සැනසීමක් දැනෙනකොට එයා වැඩ කරන අස්සෙ ඇවිදින් එයාගෙ වැඩ දෙගුන කරපු එක ගැන මට මාත් එක්කම කේන්ති ගියා. එයා ලොකු වැඩක ඉන්න ඇත්තෙ. පපුව ගැහෙන වේගෙ ටික ටික අඩු වෙනකොට මන් එහෙමම ඔලුව වැනුවෙ ඒකට කමක් නෑ කියලා කියන්න ඔනි නිසා. මාව ඒ තුරුලෙන් ඈත් කරපු යිබෝ ඒ ලොකු අත් දෙකම මගෙ කම්මුල්වලින් තියලා එයාගෙ මහපැටැගිලි වලින් මගෙ කොපුල්වල තිබුනු කදුලු පිහ දාල මන් දිහා බැලුවා..
" මට සමාවෙන්න ශාන්..ඇත්තටම මන් හිතලා නෙමෙ කරෙ ශාන්..මට මහන්සී ශාන්.. මන් ඊයෙ රෑ ඉදන් හිර වෙලා හිටියෙ."
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022