🍁 62 Chapter 🍁

1.2K 196 20
                                    

We are together again under a sky full of dear memories.  forever...

.........................................................................

Wang yibo pov,

" යීබෝ ඔයාට අමාරුයි එක දිගටම ඩ්‍රයිව් කරන්න. දෙන්න මම ටිකක් අරන් යන්නම්.."

" ම්..කමක්.නැ ශාන්. යමු. මම දිගටම අරන් යන්...

" නැහැ.. මීනි ඔයා ගන්නකො. කෝ ඔයා මෙතනට එන්න. ඉතුරු ටික මම ඩ්‍රයිව් කරන්නම්"

හවස් වෙලා ෂියාමෙන් වලට සමු දුන්න අපි තුන් දෙනා.. ආයෙම ෂැංහයි අහස යටට යන ගමන් හිටියා..  පැය ගානක් එක දිගට මම ඩ්‍රයිව් කරගෙන එනකොට මගෙ මුළු ලෝකෙම මට එහා පැත්තෙ පැසෙන්ජර් ශීට් එකට වෙලා ගුලි වෙලා හිටියා.. මගේ චූටි මැණික ආයෙම නින්දට වැටෙනකොට එය මගෙ ශාන්ගෙ අතේ ගුලි වෙලා පුලුන් බෝලයක් වගෙ නිදාගෙන හිටියා..  එ වගෙම ශාන්ටත් ඉදහිට විඩෙන් විඩේට නින්ද යනකොට මෙ මුළු වෙලාවම මම පාරට අවධානෙ දෙන ගමන් එ දෙන්නා දිහා බලන් හිටියා.. මට ලෝබ හිතුනා.. කොයි තරම් බල බලා හිටියත් එපා වෙන්නෙ නැති ඒ දර්ශනෙ මම මෙ ලෝකෙ ආසම දේ උනා.
මගේ පවුල..

පැය පහක් විතර එක දිගට ඩ්‍රයිව් කරන් එනකොට මට දැනුන මගෙ කකුල් ආයෙම වෙදනා දෙනවා. එක දිගට කකුල් දෙක නමාගෙන ඉන්න හොදනේ නැති උනත් ඒ දෙන්නව මටම ආපහු පරිස්සමෙන් එක්කන් යන්න තිබුන උවමනාව නිසම මම ෂූවන්ටවත් ඉඩක් දුන්නෙ නැ කාර් එක ඩ්‍රයිව් කරන්න..

ෂූවන් පස්සෙට වෙලා එ පැය ගානම හොදට නිදා ගන්නකොට මම එයාට කරදරයක් වෙන්න දුන්නෙ නැත්තෙ පහුගිය දවස් ටිකෙම ඌ මන් නිසා වින්ද දුක මතක් වෙලා..

පැය පහක් ගියා උනාවත් මේ කාලෙ පුරාවටම කාර් එකේ තිබුනෙම දරා ගන්න බැරි නිහැඩියාවක්. මට මතක් උනා මමයි ශානුයි අපි එකට හිටපු දවස්වල ගමන් යනකොට වාහනෙ කොයි තරම් නම් ඝෝශාකාරීද කියලා. විශේෂයෙන් ශාන් කොයි තරම් නම් කියවනවද? ඒත් අද අපි දෙන්නා අතර හිදසක්  තිබුනා.. ආයෙමත් අවස්ථාවක් ලැබුනත් අපි දෙන්නා අතරම හිදැසක් නිර්මාණය වෙලා තිබුනා. එ හැම දේටම වැරදිකාරයා මම කියලා තේරෙනකොට මම මේ නිහඩකම දුකෙන් උනත් බාර ගත්තා... මෙ තමා මට ලැබෙන දඩුවම...

Evening star  (Completed)Where stories live. Discover now