🍁 18 Chapter 🍁

1.2K 231 38
                                    

Every second I spend with you is worth more to me.  Of course I love it

.........................................................................

Xiao zhan pov,

   
       යීබෝත් එක්ක වාහනේට නැග්ග මන් හිටියෙ හරිම සතුටෙන්.. වාහනේ ටික දුරක් ඇදීගෙන ටවුන් එක පැත්තට යනකොට යීබෝ ටිකෙන් ටික මට පාරවල් ගැන වගේම දකින හැම බිල්ඩින් එකක් ගැනම කියල දෙන්න පටන් ගත්තා.. ඒ එකිනෙක එකිනෙක එයා හරිම ලස්සනට මට කියලා දෙනකොට මන් කරෙ ඒවා හොදට මතක තියා ගන්න එක.

එදා මම ආව පාර්ක් එක වගේම අනිත් වීදි ඔක්කොම පාස් කරන් යීබෝ ඉස්සරහට ගියා වගේම කිලෝමීටර් ගානක් ඈතට ආව අපි උස බිල්ඩින්වලින් තොර පැත්තට ආවා වගේම ඒ පැත්තේ සරුවට ගස් වැවිලා තිබුනා. ඒත් එක්කම මන් වින්ඩ්ස්ක්‍රීන් එකෙන් දැක්කෙ තාප්පයක්  වගේ ඒ උස බිල්ඩින් මේ පැත්තෙන් වෙන් වෙලා තියන හැටි.

" යීබෝ මේ?"

" පරන ෂැංහයි නගරය ශාන්"

"ඔහ්... මෙහෙ සම්පූර්ණයෙන්ම වෙනස්නෙ. මන් ගියෙ අනිත් පැත්තෙනෙ එදා.. "

" ඔයා මෙහෙටත් ආවද ශාන්?"

" ඔව් යීබො. මන් ආව ඒත් ඒ පැත්තෙ බිල්ඩින් ඔක්කොම පරණයි වගේම එවා කඩලා දානවනෙ."

" ඔව් ශාන් . ඒ හරියෙ තියෙන්නෙ පරන බිල්ඩින්.මීට අවුරුදු ගානකට කලින් ඒවා . ඒවා දැන් ගොඩක් පරණයි ශාන් . ඒ නිසා ඒවා කඩනවා අලුතෙන් බිල්ඩින් හදන්න"

" එතකොට යීබෝ මෙහෙ?"

" මේ කොටස ශාන් තාමත් ඉස්සර වගේම ලස්සනට තියනව . මේ කොටස සංචාරක කට්ටියට හදලා තියෙන්නෙ.. "

" ආහ් එක තමා. මෙහෙ ලස්සනයි .."

" ඔව් ශාන් ඇතුලත ගොඩක් ලස්සනයි . ඔයා දන්නවද ශාන් දවසකට මෙහෙ සංචාරකයො ලක්ෂයකට වඩා එනවා.. දවසකට.."

" එච්චර ?"

"ඔව්"
" ෂැංහයිවල බලන්නම ඕනි, ඇවිදින්නම ඕනි තැනක් මේ පරණ ෂැංහයි නගරය ශාන්.."

"එන්න යන්..."

යීබෝ විස්තර කියන ගමන්ම වාහනෙ කොහෙදෝ පාර්ක් කරන තැනකින් නතර කරලා මට කතා කරාම මමත් එයත් එක්කම එලියට බැස්සා.

Evening star  (Completed)Where stories live. Discover now