You know, I now know that everything is my fault. Even so, when I think about the truth, you have gone far away from me.. So can't you come to me again? I miss you without you..
.........................................................................
Wang yibo pov,
"යීබෝ උඹ දැන්වත් ශාන්ට කතා කරා නම්"
" එයා මෙ මාසෙ ඇතුලත අඩුම තරමෙ මට මැසේජ් එකක්වත් දැම්මෙ නැ බන්. එයාට එ තරම්ම මාව එපා වෙලාද?"
" උඹට ෂුවර්ද එ වෙච්චි දෙ ඇත්තම කියලා. මන් කියන්නෙ උඹ කියනව වගෙ අපි උනත් දැක්කා ශාන් උඹට ආදරෙ කරන විදිහ . වෙන කිසිම කෙනෙක් එයා වගෙ නැ බන්. ඉතින් මොකක්ම හරි වැරැද්දක් තියෙන්න බැරිද?"
"එහෙම වෙන්න තිබුනා බන්. එ උනත් මන් මගෙ ඇස් දෙකෙන්ම දැක්කා එයා යැන්සිව කිස් කරනවා. හිතපන් මගෙ ඇස් දෙක ඉස්සරහම එහෙම වෙනකොට මට දැනෙන හැගීම? මම එතෙක් කල් එයාව විශ්වාස කරා. එත් එයා?"
" එ උනත් ශාන් ගැන ටිකක් හොයලා බලපන්. උඹ අපෙන් ඉල්ලපු නිසා අපිත් එයා එක්ක කීසිම විදිහකින් කතා නැතුව හිටියට කොල්ලට මොනව වෙලාද දන්නෙ නැ . අනික අපි කිසිම කෙනෙක් මෙ වෙලාවෙ එහෙ නෑනෙ.. කුවාන් ගාග විතරයි එහෙ ඉන්නෙ. එයත් යැන්ලිට අමාරු නිසා එයා ලගම.. "
" එ උනත් උබට තිබුනා එයත් එක්ක කතා කරන්න. "
" මන්..මන් එ වෙලාවෙ හිටියෙ කේන්තියෙන් බන්. අනික මන් බය උන මන් එ ගැන කතා කරොත් ශාන් මාව අතාරී කියලා බන්. මන් බය උනා ශාන්ව මට නැතිවෙයි කියලා.."
" උඹ දැන් ඔය ශාන්ට තේරෙන්න ඇරියා ඇති. උඹත් මෙ මාසෙම මෙහෙ ඉදන් නටපු පිස්සුවෙ හැටියට දැන්වත් ශාන් එක්ක කතා කරපන්.."
" හ්ම්.. මන් එයාට මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නැ. එයාට ඔනි උනත් මන් එයාව බලෙන් හරි මන් ලග තියා ගන්නව බන්. මට ශාන් නැති ජීවිතයක් ගැන හිතන්නවත් බැ."
" දැන් බිස්නස් ප්‍රශ්නත් විසදුන එකෙ උබ එ දේවල් බලපන්. මන් ඉතුරු අඩුපාඩු ටික බලන්නම්"
" හ්ම්.."
එදා මන් ශාන්ව දාලා ඇවිදින් දැනට මාසෙකුත් සතියක් ගෙවිලා ගිහින් තියනකොට ඒ මාසෙ මන් ජීවත් උනත් හිටියෙ මැරුනු කෙනෙක් ගානට . බිස්නස් වැඩ නොකර බැරි කමකට කරනකොට ෂූවාන්ට වැඩි වැඩියෙන් මහන්සි වෙන්න උනා මන් වෙනුවෙන්.. තාමත් ශාන් මාව රැවැට්ටුවා කියන එක මුළු පපුවම පාරවනකොට එ ගෙවුන හැම දවසකම මගෙ ඇස්වලින් කදුළු වැටෙන එක නතර කර ගන්න මට බැරුව ගියා. ජීවිතේ පලවෙනි පාරට මන් ආදරෙ නිසා ජීවිතේ විදවමින් තිබුනා.. ශාන් නිසා මගෙ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස්වෙලා පිරිලා ගිහින් තිබුනකොට එයා මාව රවට්ටපු නිසා මට දැනුනෙ මාව හිස් වෙලා ගිහින් වගෙ හැගීමක්..
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022