Let's start fresh. Let's start all over again, a world of our own......
.........................................................................
Xiao zhan pov,
යිබෝ..
හිතුවෙවත් නැති විදිහට එයාව ආයෙම මගේ මූනටම හම්බ වෙනකොට කරන්න ඔනි දෙයක්, කියන්න ඔනි දෙයක් මට හිතා ගන්න බැරි උනා.. කොහොමත් ඒ වෙලාවෙ මිනී මගේ අතේ හිටපු නිසා හැමදේටම වඩා මට එයාව වැදගත් උනා...මෙතෙක් කල් ගෙවුනු හැම තප්පරේකම මම බලන් හිටියා එයාව ආයෙම මගෙ ඇස් දෙකට දකින්න හම්බ වෙනකන්.. එයා ගැන අරන්චියක් එනකන්.. මම බලන් හිටියා ආයෙම එයාගෙ අත් අතරට පැනල තුරුලු වෙන්න පුලුවන් දවසක් එනකන්. ඒ උනත් එක පාරටම එයා මගේ ඇස් ඉස්සරහට මතු වෙනකොට මට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා. හිතේ තිබුන හැම හැගීමක්ම අතුරුදහන් වෙලා ගිහින් හිස් හැගීමක් මට එයා ගැන දැනෙනකොට , එයා ගැන කලකිරීමක් ඇති වෙනකොට මම එයාව ගනන් නොගෙන හිටියා..
මහ පාන්දර මිනීට හොදටම අමාරු වෙනකොට මගෙ දරුවට මුකුත් වෙයි කියන බය හිතේ වැඩි වෙනකොට මට ඔනි උනා එයා වැලදගෙන අඩන්න.. සැනසෙන්න.. එත් හිතේ කොටසක් එ දෙවල් ඉල්ලනකොට තවත් කොටසක් මගෙ හිතෙ එයා ගැන කලකිරීමක් ඇති කරා...
"ශාන්.. මේ. අපේ බබා නෙද?"
"නැ. එ මගේ දරුවා.."
මම දන්නෙ නැ යීබෝ අපෙ බබා ගැන දැන ගත්තේ කොහොමද කියන්න. එත් එයා එ ගැන දැනන් හිටපු එක මාව පුදුමෙකට පත් කරත් මෙතෙක් කල් මාව හොයන් නාව එකට මට , අපේ මිනීට ඔනිම කාලෙ එයා ලගින් නොහිටිය එකට මට එයත් එක්ක කේන්ති ගියා.. මමයි මෙතෙක් කල් මගෙ දරුවව හදා ගත්තෙ . ඉතින් කොහොමද එයා කොහෙවත් ඉදන් ඇවිදින් අපේ දරුවා කියන්නෙ?
"ශා-ශන් මට ඔ-ඔයත් එක්ක කතා කරන්න ඔනි.. "
"මට කතා කරන්න දෙයක් නැ.. "
"ප්ලීස් ශාන්... "
"ස්තූතියි උදව් කරාට.. පුලුවන් නම් මෙතනින් යනවද?"
"ශාන් ප්ලීස්.."
"ප්ලීස් මිස්ටර් යීබෝ.. මට මගෙ දරුවත් එක්ක ඉන්න දීලා මෙතනින් යනවද?"
"ශාන්.... "
".............. "
"ම-මට සමාවෙන්න .."
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022