🍁 51 Chapter 🍁

1.3K 207 33
                                    

without you with you

.........................................................................

Xiao zhan pov,

" යීබෝ.. වෝහ්.. දන්නවද අද මෙතන මාරම ලස්සනයිනෙ.. "

" ඔව් මැණික. අද මෙතන ඔනිවටත් වඩා ලස්සනයි .. මොකද ඔයයි මායි එකටනෙ.."

" යීබෝ... "

" ශාන්.. අපි දෙන්නා කොහෙ හරි ටුවර් එකක් යමුද? "

" ම්ම්... එක නම් හොදයි යීබෝ.. මන් නම් කැමති.. එත් අපි කොහෙද යන්නෙ?"

" ඔයා යන්න කැමති තැනක් තියනවද ශාන්?"

" ම්හුක්.. එහෙම විශේෂ තැනක් නැ යීබෝ. ඔයා කැමති තැනක් තියනවද?"

" හ්ම්.. ඔව්.. ආසා තැනක් තියනවා "

" ඒ කොහෙද?"

" ප්‍රාන්ස්.."

" එහෙ.. ඒක හොදයි .. එත්... ඇයි එහෙ යන්නෙ? "

" මන් ආසයි . අනික ඔයා එහෙ හිටිය විදිහ , ගියපු තැන්වලට මටත් යන්න ඔනි. "

" ම්හ්.. යන් මටත් තියනවා එහෙ ඔයාව එක්ක යන්න ඔනි තැනක්. මන් බලන් හිටියා කවදා හරි ඔයාව එතනට එක්ක යන්න.."

" කොහෙද ඒ?"

" ගියහම බලමුකො.. එතකන් කියන්නෙ නැ.."

" අනෙ.."

" බැ.. එක්කන් ගිහින්ම පෙන්නන්නම්..".

"හාකො හාකො.. එක නෙමේ මැණික මේ.. එහෙ තවත් දෙයක් තියනවා"

" ඒ මොකද?"

" එහෙ හනිමූන් කපල්ස්වලටම වෙන් උනු හොදම හොටෙල් තියනවලු. අපිට පුලුවන් ඔනි නම් හැම හොටෙල් එකකටම වගෙ ගිහින් එවා කොහොමද කියල බලන්න.."

" යීඊඊඊබෝ...."

මගේ කන ගාවටම පහත් වෙලා කන උඩම වගෙ එයාගෙ උනුසුම් දෙතොල් තියාගෙන හස්කි වොයිස් එකකින් යීබෝ කතා කරාම මට දැනුනා මාව රත් වෙලා යනවා.. ලැජ්ජාවක් දැනුනත් එ තුරුලෙම හිටපු නිසා මූන හන්ග ගත්ත මම එයාට තවත් තුරුලු උනා.

" ආහ්. අර අර බලන්න මැණික "

" වාව් යීබෝ එවා ගොඩක් ලස්සනයිනෙ"

" අනිවාර්යයෙන්ම "

හුවාන්ග්පූජියෑන් ගගේ අද්දර ෂැංහයි සක්මන් මලුවෙ හැමදාමත් වගේම සෙනග පිරිලා ඉන්නකොට එයයි මමත් ඒ සෙනග අතරින් කොනක හිටපු තවත් එක ජෝඩුවක් උනා.. නත්තල ලග ලගම නිසා හැම රෑකම වගෙ එක දිගට ගං ඉවුරේ මල්වෙඩි දර්ශනවලින් අලංකාර වෙනකොට ඒවා බලන්න දස දහස් ගානක් අය ඇවිදින් හිටියා...
එද මන් තනියම ඇවිදින් ඒ දේවල් බැලුවාට වින්දාට වඩා අද යීබෝ එක්ක ආවම මට දැනුනෙ වෙනස්ම හැගීමක්. සැනසීමක් , ආදරනීය උනුසුමෙන් පිරුනු පපුවක් එක්ක මන් ජීවිතේ ගෙවන ගමන් හිටියා.. එ හැමදේම මගෙ යිබො නිසා. තනිකම කියන දේ මන් ගාව නැත්තටම නැති වෙලා ගිහින්, එ මන් ජීවිතේ සතුටින්ම හිටපු දවස් උනා. ගග අද්දර පාර්ක් එකෙ අත් වැටට වාරු දීගෙන එයා මාවත් තුරුලු කරගෙන ඉන්නකො ඒ අහසෙ පිපිරෙන මල්වෙඩි මට පෙනුනෙ මන්දාකිනියක් වගෙ.. බලන් ඉන්න බැරි තරම් ලස්සන එලියක් වගෙම විවිධ හැඩ රටා අහසෙ මවනකොට මන් එයාගෙ පලල් උරහිසකට මගෙ ඔලුවෙ බර දුන්නා..

Evening star  (Completed)Where stories live. Discover now