My love.., trust.. The basis of a bond is trust. So what kind of faith did you have about me? Would you please tell me that there is no love between us?
.........................................................................
Xiao zhan pov,
හැමදේමකම හොදක් නොවී නරකක් විතරක්ම වෙනකොට මන් එයා ගැන විශ්වාස කරලා ඉන්න හිත හදා ගත්තා . මන් ගෙවෙන හැම තප්පරේකම බලන් හිටියෙ එයා ආයෙම එනකන්..
හිත නිදහස් කර ගන්නත් එක්ක එලියට යන්න හිතපු මට යැන්සිගෙන් ආව පනිවිඩේකට මන් හිතා ගත්තා එයත් එක්ක ටිකක් ඇවිදින්න යන්න. එයා වෙඩින් එකට ඔනි බඩු තෝරන්න මටත් එයත් එක්ක එන්න කීවා.. තරමක් දවල් වෙලා තියනකොට මම යැන්සිව මුන ගැහෙන්න එයා කීව ෂොපින් මෝල් එකට යන්න ලෑස්ති උනා.
" Good morning ශාන්"
" Good morning යැන්සි "
" මන් හිතුවා ඔයාට අද එන්න බැරි වෙයි කියලා. දැන් අසනීප ගතිය අඩුයිද ශාන්?"
" හ්ම්.. ඔව් යැන්සි.. අපි යමුද?"
" හ්ම් යමු එන්න "
යැන්සි ඉස්සර වෙලා යන්න යනකොට මන් එයාගෙ පස්සෙන් ෂොපින් මෝල් එක ඇතුලට යන්න පටන් ගත්තා. එයා එයාට ඔනි බඩු තෝරනකොට මන් එයාට තේරෙන විදිහට උදව් කරාත් එය ලේඩීස් ඇදුම් තලේට යන්න යනකොට මන් ගියෙ බේබීස් කලෙක්ෂන් තියන තැනට..
චූටි බබාලගෙ ඇදුම් පෝලිමට එක එක පාටින් හරිම ලස්සනට වගෙම හුරුබුහුටිවට තියනකොට මන් ඒවා එක්නෙක අතගෑවා. වූල් වලින් වියපු ලස්සන චූටි සෙරෙප්පු අල්ලක් තරම් සයිස් නොවෙනකොට මට හිතුනා අපෙ බබාටත් මේවා දාන්න තරම් එයා ගොඩක් චුටි වෙයිද කියලා.
එතන තිබුන හැමදේම බලා ගත්ත මම යන්තම් මාස දෙකක් උන අපෙ පැටියා දිහා බලලා චූටි දුවක්ද පුතෙක්ද කියලාවත් නොදැන එ හැම පාටක් දිහාම බැලුවා. මන් හිතුවා අපේ පැටියා කොහොම කෙනෙකුනත් රෝස පාට නිල් පාට බෙදයක් නොකර හැම ලස්සන චාම් පාටක්ම අන්දවන්න.
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022