It's true that when you've stopped, when you've been close, that stop will be eternal. I thought I would die in your name ............................................................................
Wang Yibo pov,
අල්තාරය උඩට ආව වෙලාවේ ඉදන් මට හරිම නොසන්සුන් ගතියක් දැනුනා.. ඒ වගේම බයක්.. මොනා උනත් මේ මගෙ වෙඩින්ග් එක. අද මන් තවත් කෙනෙක්ව බදිනවා. අකමැත්තෙන් උනත් මේ මන් ආසාවෙන් බලන් හිටිය දවසක්. ඉතින් මට ටිකක් අපහසුවක් දැනෙන්න ගත්ත. හොද හුස්මක් ඉහලට අරන් හීන් සැරේ පහතට දානවත් එක්කම ශාලවෙ දොර ඇරුනා..
වාව්....දෙවියනෙ මන් මේ හීනයක්ද දකින්නෙ? දොර දිහායින් ආව කෙනා දැක්කම මන් ගොඩක් පුදුම උනා. මොකද එතන හිටිය කෙනා හරියට සුර දූතයෙක් වගෙ කෙනෙක්. සිහින් දිගටි මුහුන, තද කලු කොන්ඩෙ, හැගීම් පිරිල තියන ඇස් දෙකක්, පළල් ඒත් පටු උරහිස් , සිහින් උස සිරුර.. වගෙම තොල් යටින් තියන මෝල් එක හරියට ඉටි පිළිමයක් වගෙ. මට හිතේ කොනක චූටි සතුටකුත් දැනුනා..
මන් ඇස් පිල්ලම් නොගහ බලන් හිටියෙ අන්කල්ගේ වමතේ පැටලිලා හෙමින් හෙමින් හරිම ලස්සනට අඩිය තිය තියා මන් දිහාවට එන ඒ ඇස් දෙක දිහා... එයාට තිබුනෙම කිමිදෙන්න පුලුවන් ඇස් දෙකක්.. හැගීම් ගොන්නක් පෙන්නන්න පුලුවන් ඇස් දෙකක්.. ආයෙ ගැලවෙන්නම බැරි ඇස් දෙකක්....
එයා මන් ගාවටම ඇවිදින් මන් දිහා හරිම ලස්සන මෘදු හිනාවක් එක්ක මන් දිහා බැලුවා.ඇත්තමයි.. මට ඒ වෙලේ නම් දැනුනෙම හැම.දේම නැවතුනා වගේ..
මන් ටග් ගාල හිනා වෙලා අන්කල්ට ඔලුව නවලඑයා දිහාට අත දික් කරා. එයා හෙමීට මගෙ අත අල්ලගෙන අල්තාරෙට නැගල මන් කෙලින් මාත් එක්ක හිට ගත්තත් එක්කම ෆාදර් වැඩ පටන් ගත්ත නිසා මන් ඒ අත අල්ලගෙන ඒ දිහාට අවධානෙ දුන්නා..
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022