🍁 33 Chapter 🍁

1.1K 220 39
                                    

I want your attention.. I just want to be with you.  Please don't walk away from me.......................

.........................................................................

Xiao zhan pov,

" ශාන් "

" කියන්න යීබො"

" ඔයා පේන්ටින් කරනව නෙද ශාන්?"

"හ්ම්...ඔව්.."

" ඔයත් මේකට පේන්ටින් ටිකක් දෙන්න ශාන්.මන් ඔයා වෙනුවෙනුත් ඉඩක් වෙන් කරා"

යීබෝ මගෙ පේන්ටින් වෙනුවෙන් ඉඩක් වෙන් කරා කීවම එක පාරටම මම එයාගෙ මූන දිහා බැලුවා.

"ඒත්‍ යීබො මම එහෙම ලොකුවට අදින්නෙ නෑනෙ.."

" එකට කමක් නැ ශාන්.. මෙක මගෙන් ඔයාට අවස්ථාවක් .. කොහොමත් අපේ කම්පෙනි එකෙන්නෙ මේකත් කරන්නෙ. එ නිසා ඔයා අනිවාර්යයෙන්ම එකට ඔයාගෙම පේන්ටින් තියන්න ඔනි"

" අනෙ යීබො.. එහෙම ඔනි නැ. අනික එ වගෙ තැනක...නැ නැ ඔනි නැ.."

"එහෙම බැ. ඔන්න ඔයා අනිවාර්යයෙන්ම එකට පේන්ටින් ටිකක් කරන්න ඔනි. මන් දැනටමත් ඉඩක් වෙන් කරලා ඉවරයි ඔයා වෙනුවෙන්. තව සතියයිනෙ මේකටත්.. එ නිසා ඉක්මනට පටන් ගන්න"

" යීබො.."

"මන් යනවා.මොනවා හරි ඔනි උනොත් කතා කරන්න. පරිස්සමෙන් ඉන්න.."

"බායි"

උදේට කෑම කාපු එයා ඔෆිස් එකට යන්න යනකොට මන් බලන් හිටියා. 
ඇත්තටම එයා මටත් තැනක් වෙන් කරලාද එ වගෙ තැනක?...

ඇත්තටම එක මට ලොකු පුදුමයක්.. zw කියන්නෙ දැනට ඉන්න ප්‍රසිද්ධම චිත්‍ර ශිල්පීන්ගෙන් එක්කෙනෙක් ඉතින් එ වගෙ කෙනෙක්ගෙ චිත්‍ර තියන තැනක මගේ චිත්‍රවලට ඉඩක් ලැබෙන එක? එක ඔනිවටත් වඩා වටින දෙයක්..

යීබෝ කීවත් වගේ මගේ පේන්ටින්ස් එතන තියයිද?

මන් හිතුවා කෝකටත් එයා එහෙම කරොත් කියලා හිතුන නිසාම පේන්ටින් ටිකක් කරන්න. මෙ මන් මගෙ මේ ශෛලිය ප්‍රසිද්ධ කරන පලවෙනි වතාව. සාමාන්‍යයෙන් මන් චිත්‍ර ඇන්දාට එවා එහෙම ප්‍රසිද්ධ කරන්න යන්නෙ නැ. එක මගෙ විනෝදාංශය වගෙ මන් අදින්නෙ..

එදා දවසත් ගෙවීගෙන යනකොට ඔෆිස් එකට නොගිය මම මගේ පේන්ටින් රූම් එකට කොටු උනා..

Evening star  (Completed)Where stories live. Discover now