I didn't know that my whole world will be empty when you are not with me. Even so, now I'm looking for you from a completely empty world. I want to feel again...
.........................................................................
Wang yibo pov,
" යීබෝ "
චටාස්
" යීබෝ පිස්සුද උඹට.."
"ම..මට සමාවෙන්න යීබෝ"
යැන්සි අපිව දැක්ක ගමන් පුදුම උනත් එයාව දැක්ක මගෙ කේන්තිය දෙගුන තෙගුන වෙන්න පටන් ගත්තා.. මන් ඉස්සෙලාම කරෙ එයාට ගහපු එක වෙනකොට ෂූවන් ඇවිදින් මාව අල්ල ගත්තා. එහෙම නොවුනා නම් සමහරවිට මම ඊටත් වඩා යැන්සිට ගහන්න තිබුනා.. මොකද එයා එහෙම නොකරා නම් මායි ශානුයි අද මෙහෙම වෙන් නොවී ඉන්න තිබුනා. එයා ශාන් එක්ක එකට එහෙම නොහිටියා නම් මම ශාන් ගැන තියන විශ්වාසෙ නැති කර ගන්නෙ නැතුව ඉන්න තිබිනා.
මම යැන්සිට ගැහුවත් එයා මගෙන් ඉල්ලුවෙ සමාව විතරයි. වෙන කිසිම දෙයක් ඒ ගහපු පාර වෙනුවෙන් එයා මට නොකියන කොට ඊලගට එයා වචනෙන් වචනෙ වෙච්චි හැමදේම කියනකොට මම කලකිරීමෙන් බලන් හිටියෙ මම නොදැන මන් පොඩි කාලෙ ඉදන්ම විශ්වාස කරපු මගේ යාලුවා මගෙ ජිවිතෙ විනාස කරන්න මොන තරම් නම් දෙවල් කරලාද කියන්න.. එයා ශාන්ව කොයි තරම් රිදවලාද කියන්න මට ඒ මොහොතේ තේරුනා. මන් නිසා එදා ශාන් හොස්පිටල් නතර කරා කීවම මට පුලුවන් උනෙ නැ මගෙ ඇස්වලින් වැටෙන කදුළු තව දුරටත් පාලනේ කර ගන්න..
ඒ උනත්...
එ හැම දේකටම වඩා මගෙ කන් දෙකෙ රැව් දෙන්න ගත්තෙ මම එන්න හැරෙනකොටම යැන්සිගෙ කටින් පිට වුනු අන්තිම වචන කීපය...
"ම..මට සමාවෙන්න මන් දැනන් හිටියෙ නැ ඔය දෙන්න හස්බන්ල කියන්න.."
" යීබෝ.... ශාන් ප්‍රෙග්නන්ට්. එයා ආසාවෙන් හිටියා ඔයාට එ ගැන කියන්න"
ඒ කියපු දෙ එක්ක මට තව දුරටත් දැනුනෙ නැ මගෙ හදවතවත් ගැහෙනවා.. හැමදේම කීන් ගාන සද්දයක් වගේ කනට ඇහෙනකොට මම ඉස්සරහට ඇවිදන් ගියා.. කොහොමද කොහොමද එහෙම වෙන්නෙ? ශාන් මගෙ මැණික ප්‍රෙග්නන්ට් ?
එත්...
නැ මට මතක් වුනා එය මාත් එක්ක එක තුරුලෙ ඉන්න වෙලාවක කියපු දෙයක්..
ESTÁS LEYENDO
Evening star (Completed)
FanficYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022