🍁 26 Chapter 🍁

1.1K 223 34
                                    

A new step... to our future with you...
I love you.

.........................................................................

Xiao zhan pov,

    මන් හිටියෙ මගෙ කාර් එකෙ එන ගමන් වෙනකොට එයා හිටියෙ මගෙ කාර් එක පස්සෙන් එයාගෙ කාර් එකෙ එන ගමන්.

මහ රෑ පහු වෙලා උනත් ෂැංහයි පාරවල් තාමත් වාහනවලින් තරමක් පිරිලා තිබුනා. අද දවසෙ උන දේවල් වලින් හිත සතුටින් පිරිලා ඉතිරිලා ගිහින් හිටපු මම නොදැනිම ගෙදරටම ඇවිදින් තිබුනා.

ගෙදර ලගටම එනකොට මට යීබොගෙ වාහනෙ නොපෙනී ගියත් එයත් මන් පස්සෙන්ම ආව නිසා ලග ලගම එනවා කියලා හිතුන නිසාම මන් ගෙදරට ඇවිදින් කාමරේට ගියෙ වොශ් එකක් දාගන්න හිතාන.

පැයක් කිට්ටු වෙන්න හෙමින් සැරෙ වොශ් එකත් දාගෙන කෝෆි එකක් බොන්න හිතාන පහලට එන්න ආව මට යීබොගෙ කාමරෙන් සද්දයක් ඇහෙනකොට හිතුනා එයත් එන්න ඇති කියලා.

කොයි තරම් මහන්සි උනත් මට ඔනි උනෙ උනුවෙන්ම හොද කෝෆි එකක් බොන්න නිසා මන් යීබොටත් එක්කම කෝෆි එකක් හැදුවා. මට හිතුනා එයත් කැමති වෙයි කියලා.

" ශාන් ඔයා කාමරේද?"

" මන් මෙහෙ යීබෝ පහල "

කෝෆි දෙකත් අරන් උඩට යන්න හදපු මට එයාගෙ කටහඩ ඇහෙනකොට පහල ඉදන්ම මන් එයාට කතා කරා.

" නිදා ගන්නෙ නැද්ද "

" මන් කෝෆි එකක් බොන්න ආවා. ඔයාටත් හැදුවා. බොනවද?"

" හ්ම්.. එක හොදයි"

අපි දෙන්නම කෝෆි දෙකත් අරන් ගිහින් ලිව්න් රූම් එකෙ ලයිට්ස් දාලා සෝෆා එකෙන් වාඩි උනා. එයා වගෙම මම අපි දෙන්නම හිටියෙ සැහැල්ලු ලොකු ඇදුම් දාගෙන. දවසම හිර වෙලා හිරවෙලා ඉදලා මෙහෙම ඉන්න ලැබෙන එක ලොකු සැහැල්ලුවක්.

එයයි මායි දෙන්නම ටික වෙලා කතා කරා. කොයි තරම්  මගන්සි උනත් මෙහෙම එකට නිදහසෙ කතා කරන්න  ලැබෙන මොහොතක් හරිම වටිනව. එයා අද පාටි එකෙ දේවල් ගොඩක් විස්තර කරනකොට මන් එ දෙවල් ආසාවෙන් අහගෙන හිටියෙ හරිම ආසාවෙන් . ඇත්තටම අද දවස එයාට ලොකු සතුටක් කියන්න ඒ මූනෙ හැම හැගීමකින්ම දැනෙනකොට එයාගෙ සතුට නිසාම මටත් සතුටු හිතුනා.

Evening star  (Completed)Where stories live. Discover now