🍁 23 Chapter 🍁

1.1K 227 18
                                    

Everything takes time. Even if we fall in love, time goes by .. so little by little we started to fall in love..........

.........................................................................

Xiao zhan pov,

සුපුරුදු වෙලාවට ඇහැරුනත් මන් ඉන්නෙ සෝෆා එකෙ කියලා දැක්කම මට තෙරුනා මට ඊයෙ රෑ මෙතනම නින්ද යන්න ඇති කියලා වගේම ඊයෙ රෑ මගෙ උකුල උඩ ඔලුව තියන් හිටපු තැන හිස් වෙනකොට මන් තේරුම් ගත්තා යීබෝ හැමදාම වගෙ අදත් උදේම ජිම් එකට යන්න ඇති කියලා. ඉතින් මේ ටික කාලෙට සුපුරුදු චර්‍යාව අදත් පටන් ගන්නකොට මට පුලුවන් උනා යීබෝ වැඩට යන්න පහලට එන්න විනාඩි කීපෙකට කලින් උයලා ඉවර කර ගන්න..

ලන්ච් බොක්ස් එකටත් කෑම ලෑස්ති කරපු මම එයා ආවම එකට කෑම කෑවා වගේම වෙනදාට නැති නිවුන ගතියක්, මෙ දවස් කීපයට අහලකවත් තිබුනේ නැති සැනසීම ඒ දිලිසෙන මූනෙ අඩුවක් නැතුව ආයෙම දකිනකොට මට සතුටු හිතුනා..මට පුලුවන් උනා එයාට උදව් කරන්න කියන හැගීමෙන් හිත පිරිලා යනකොට වෙනද වගේම මම එයා ගෙදරින් එලියට යනකන් දොරකඩට වෙලා බලන් හිටියා.

ඉතින් එයත් යන්න ගියාම ආයෙම ඇතුලට ආව මම මුළු ගේම පුලුවන් ඉක්මනට පිරිසිදු කරලා දාලා වොශ් එකකුත් දාගෙන ලැප් එක ඉස්සරහින් වාඩි උනේ හැමදේටම කලින් මන් ඔන්ලයින් කරන ජොබ් එකේ කම්පෙනි එකට මේල් එකක් දාන්න ඔනි නිසා. ගාගා වගෙම යීබෝ නිසා මන් මේ වැඩේට කැමති උනත් දැනටමත් මම කම්පෙනි එකකට ජොයින් වෙලා ඉන්නෙ. ඉතින් ඒ නිසා මම ඒ ගොල්ලො මේ ගැන දැනුවත් කරන්න ඕනි. වැන්ග් ගෲප් එක වගේම යීබෝ මගෙ හස්බන් කීවාම ඒ ගොල්ලො අවස්ථාව ගැන වගේම ඇති වෙලා තියන තත්වෙ ගැන වටහා ගත්තා වගේම මන් හිතුවට වඩා ඉක්මන් හොද ප්‍රතිචාරයක් ලැබෙනකොට මන් මගෙ වැඩේට අවධානෙ යොමු කරා..

ඊයෙ දවසත් ගෙවෙලා ගිහින් තියනකොට ෂෝ එක දවස ඇර මට ඉතුරු වෙලා තිබුනේම සම්පුර්ණ දවස් දහයක් වෙනකොට ඒකෙනුත් අන්තිම දවස මම හැම ඩ්‍රෙස් එකක් වෙනුවෙන්ම අවධානයක් දෙන්න ඔනි වෙලා තියනකොට මේ හැමදේටම මට ඉතුරු වෙලා තිබුනේ දවස් නමයක් විතරයි..
ඒකෙනුත් පුලුවන් ඉක්මනට අඩුම දවස් තුනක් ඇතුලතවත් මන් මේන් ඩ්‍රෙස් එක ඇර අනිත් ඩ්‍රෙස් වල ඩිසයිනින් ටික දෙන්න ඕනි වෙලා තියනකොට මට තේරුනා මන් ඩිසයින් කරන හැම ඩ්‍රෙස් එකක්ම තෝර ගැනීමකින් තොරව ගන්න පුලුවන් ඒවා වෙන්න ඕනි කියන එක. ඒ කියන්නෙ බෙස්ට්ම 10ක්. තෝර තෝරා ඩිසයින් තෝර ගන්න වෙලාවක් නැති වෙනකොට මන් හිතා ගත්තා මගෙ උපරිමයෙන්ම මෙ දේ කරන්න..

Evening star  (Completed)Where stories live. Discover now