🍁 64 Chapter 🍁

1.2K 192 20
                                    

Why does the same thing happen again and again?  You know, I don't like this.  Because then I miss you...

.........................................................................

Wang yibo pov,

" ඔහ් ගෝඩ් ශාන් ඩීඩී මිනී ඔයා වගෙමයි.."

" අනේ කුවාන් එයා කියුට්.. සෝහේ මේ බලන්නකෝ ඔයාගෙ මිනී ඩීඩී ගොඩාක් කියුට්.."

" මිමී ඩීඩී?.. එයා තෝයි..."

" මිනී මේ බලන්න ඔයාගෙ සෝහේ ජියේ ඔයාව හොයනවා "

" යයි යයි යා...ආආඅ.... ජි-ජියෙ..."

" ම්..ඔව් පැටියෝ ජියේ..."

උදේ ගාගා යැන්ලි වගෙම මමා පපා දෙන්නත් අපේ ගෙදරට ආවා වගෙම මුලින්ම ඒ හැමෝට ශාන්ව මුන ගැහෙන එක වගෙම ශාන්ට එයාලට මූන දෙන එක තරමක් අපහසුවක් උනත් ඒ ගොල්ලො කතා කරා..

"ම්ම්.. ශාන්... අපිට සමාවෙන්න දරුවෝ.. වෙච්චි හැමදේකටම සමාවෙන්න ..."

" එකට කමක් නැ මමා පපා"

මමා වගෙම පපාත් ශාන්ව වැලදගෙන සමාව ඉල්ලනකොට ශාන් එයාලට සමාව දුන්නා.. එත් ශාන් ඉස්සර වගෙ ඒ අයටත් සමිප වෙන්නෙ නැතුව හිටියා වගෙම වෙනදාට කතුරක් වගෙ කියවන ශාන් අද කතා කරේ හරිම අඩුවෙන්.. එක අපි හැමෝටම දුකක් උනත්  ශාන්ට ආයෙම මෙ දේවල් වෙනුවෙන් කාලෙ ඕනි කියන දෙ අපි තේරුම් ගත්තා. එ උනත් එයාලා අතර එක පාරට ඇති වෙන නිහඩ බව ඔනිවටත් වඩා වැඩි වෙනකොට මමාලා වගෙම ශානුත් ගොළු වෙනකොට මම තව තවත් කනගාටු උනා එ හැම දේම මන් නිසා කියන්න මම දන්න නිසා..

මිනී මුලින්ම එ අය අතට යන්න බය උනත්  එයා ඉස්සෙල්ලම ගියෙ කුවාන් ගාගා ගාවට. සමහරවිට ඒ ගාගත් මන් වගෙම නිසා වෙන්න ඇති. ඊට පස්සෙ එයා අනිත් අයත් එක්ක යාලු උනත් එයාගෙ හැගීම් පිරුනු ඇස් දෙක එහෙට මෙහෙට දිව්වෙ එයාගෙ අලුත් ජියේ හොයාන.. ගාගාගෙයි යැන්ලිගෙයි දුව සෝහෙ ගාවට.   මිනීගෙ බෝල ඇස්දෙක එයාගෙ සෝහේ ජියෙ ගාව නවතිනකොට එක පාරටම අතත් කටේ ගහගෙන මායි ශාන් දිහයි බැලුවෙ කවදාවත් දැකලා නැති ජියේ කවුද කියලා අහන්න වගෙ..

එත් එක්කම සෝහෙ වඩාගෙන හිටපු යැන්ලි එයාගෙ අතෙ හිටපු සෝහෙවත් අරගෙන මිනී ලගටම ගිහින් එ එයාගෙ ජියේ කියනකොට සොහේ එයාගෙ මල්ලිව ආදරෙන් පිලිගත්තා.. ටික වෙලාවක් සෝහේ දිහා බලාන හිටපු අපෙ මිනී බතල කොටෙ එයාගෙ 'යයි යයි යා යා' ගාන කැගැහිල්ල දාලා අමාරුවෙන් ජියෙ කියලා කියනකොට එතන හිටපු අපි හැමෝටම හිනා ගියා..

Evening star  (Completed)Where stories live. Discover now