🍁 27 Chapter 🍁

1.1K 228 35
                                    

I could no longer be with you without you.. So I hurried.

.........................................................................

Xiao zhan pov,

" Congratulations ෂිජියෙ"

අපි ගෙට ඇතුල් වෙනවත් එක්කම ඉස්සරහට ආව ෂිජියේව බදාගත්ත මන් හරිම සතුටෙන් එයාට විශ් කරා"

" ස්තූතියි මගේ ශාන් ශාන්"

" Congratulations ගාගා"

" Thanks ඩීඩී"

අපි දෙන්නම ඇතුලට යනකොට ෂිජියේව තුරුලු කර ගත්ත මම එයත් එක්කම ඇතුලට ගියා..
ෂිජියෙව කුවාන් ගාගා අතින් අල්ලන් එයා ගාවින් වාඩි කරවා ගන්නකොට මන් මගේ යීබෝ ගාවින් වාඩි උනා.

"ශීජියේ ඔන්න ඔයා දැන් වැඩිය මහන්සි වෙන්න එපා...නේද ගගා....."

මං කුවාන් ගගා දිහා බලන ගමන් කීවම එයත් ඒක අනුමත කරන්න ඔලුව වැනුවා.....

"අයියෝ ශාන් ශාන් තාම මාස දෙකක්වත් නෑ.....මට අමාරුවක් නෑ......"

"පේනවා නේද ශාන් මේ කෙල්ල හරිම මුරණ්ඩුයි. මන් මෙ වෙනකන් කී පාරක් නම් කීවද මන්දා. එත් මට කියන්නෙත් ඔය ටික...."

කුවාන් ගගා යැන්ලි ජියේ දිහා බලන ගමන් බොරුවට තරහා මූණක් හදන් කිව්වාම ශීජියේ මූණ දෙක කරගත්තා....
මහන්සි නැති එක ඇත්ත ඒත් පලවෙනි මාස තුනේ පරිස්සම් වෙන එක හොදයිනෙ.

"අහන්නකො යැන්ලි...ශාන් ඩිඩී කියන එක ඇත්ත....අද ඉදන් ඔයා මහන්සි වෙන්න එපා....අපි දැනට වැඩට කෙනෙක් ගමු....."

කුවාන් ගගා ආදරෙන් කිව්වම ශීජියෙ ඒක පිළිගන්න ඔලුව වැනුව.. එයාලා ගොඩක් ආදරණීයයි..
ඒ එක්කම මං බැලුවෙ මගෙ යීබෝගෙ සද්දයක් නැත්තෙ මොකද කියලා....

එයා හිටියෙ තවමත් නිහඩව ශීජියේයි කුවාන් ගගායි දිහා බලාගෙන....
එයාගෙ මූනෙ එවෙලෙ තිබුන හැගීම...? මට තේරුම් ගන්න බැරි උනා. හැබැයි එයා හිටියෙ ඒ දෙන්න දිහා ලෝබකමකින් බලාන.

මන් ගාගයි ජියේයි දිහා බැලුවා. මටත් ඔනි උනා එ වගෙ මගෙ යීබොට තුරුලු වෙලා ඉන්න..

" ශාන් ශාන්... ඉතින් අපිට පුලුවන් කවද්ද ඔයාල දෙන්නගෙ බබෙක් දකින්න ? ඔන්න අපෙ බබාට සෙල්ලම් කරන්න නන්ගියෙක් හරි මල්ලියෙක් හරි හිටියාට වැඩි වෙන්නෙ නැ"

Evening star  (Completed)Where stories live. Discover now