Will you be with me forever? Will my heart be forever?
.........................................................................
Wang yibo pov,
අලුත් දවසකට ඇස් දෙක ඉර එලියට ඇරෙනකොට එදා දවසෙ බාගයක් කිට්ටු වෙන්න ගෙවිලා තිබුනා.මට එයා ඉස්සරහට යන්න ලැජ්ජා හිතුන නිසාම කාමරෙන් එලියට නොයා හීන් සැරෙ මගෙ බෙල්ල විතරක් එලියට දාලා දොරෙන් ඉස්සෙලා බැලුවා එයා නැගිටලාද කියලා.. ශාන්ගේ කාමරෙන් ලාවට සද්දයක් ඇහෙනකොට මම ආයෙම මගෙ කාමරේ දොර වැහුවා..
දහ පාරක් විතර කාමරෙ එහෙට මෙහෙට ගියපු මම කල්පනා කරලම එතන ඉදන්ම පෝන් එක ඔබ ඔබා කිචන් එකට ගියා. මට එයාගෙ මූන බලන්න මොකක්ද වගෙ..
කලින් දවසෙ මුකුත් උනෙ නැ වගෙ ඉන්න මට සෑහෙන්න මහන්සි වෙන්න උනා.එ අස්සෙ ෂෝ එක ගැන විස්තර අහලා වගෙම ඒකට විශ් කරලා නොකඩවා එන කෝල්ස් මැසේජස් වලින් මන් හෙම්බත් උනා.
එත් එක්ක ගාගාගෙන් ආව එකම එක කෝල් එකට මට සතුටු හිතුනා. මන් බාප්පා කෙනෙක් වෙන්න යන්නෙ. මගෙ ගාගා පපා කෙනෙක් වෙන්න යන්නෙ.මගෙ නෑනා මට මගෙ මමාට පස්සෙ මට අම්මා කෙනෙක් උන කෙනා අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ. අපෙ පවුලෙ පලවෙනි අමුත්තා අපි ගාවට එන්නයි යන්නෙ.. ඒ සතුටත් එක්ක මමයි ශානුයි දෙන්නම හවස ගාගලා දිහා ගියා..
මන් දැක්ක යැන්ලි ගාව ශාන් හනා උනු හැටි. එයා හිටියෙ ගොඩක් සතුටෙන් ඒ ආරන්චිය නිසාම. මමත්..
ඒ උනාත් මට ආයෙම මගෙ හිතෙන් අර ප්‍රශ්නෙ එන්න ගත්තා.. ඒත් එක්කම යැන්ලි කියපු දෙ නිසා මට තවත් අවුල් ගියා. එ හින්දා මන් කතාව වෙනස් කරා වගෙම මන් දැක්කා ශාන්ගෙ මූනත් ඒ එක්කම වෙනස් උනා..දරුවෙක්.. අපි දෙන්නට කොහොමද දරුවෙක් ඉන්නෙ.. ඇයි යැන්ලි අර වගෙ දෙයක් අරව්වෙ?. අපි දෙන්නම පිරිමි අය. ඉතින් කොහොම අපේම කියලා දරුවෙක් ඉපදෙන්නෙ.. ? මන් දරුවන්ට කොයි තරම් නම් ආසද කියලා දන්නෙ මම මයි . මන් පුන්චි දරුවන්ට ගොඩක් අසයි. මට ඔනි මගේම කියල දරුවෙක්..
ඒ උනාත්....
මට බැ ශාන්ව එ නිසා අතාරින්න . අනික මන් ශාන්ට දැන් ආදරෙයි. අයෙ හැරෙන්න බැරි විදිහට මම ඒ ඇස්වලට බැදිලා ඉවරයි . අනික ශාන්ගෙ තීරනයක් දන්නෙ නැතුව මට එයාව අතාරින්නවත් අයිතියක් නැ.. අනික අපිට පුලුවන් දරුවෙක් අරන් හදාගන්න . ඔව් එහෙම හොදයි.ශාන්ගෙ තීරනය උඩ අපිට පුලුවන් මොනවා හරි දෙයක් කරන්න. අනික අද කාලෙ ලෝකෙ කොයි තරම් නම් දේවල් තියනවද අපේම කියලා දරුවෙක් හදා ගන්න..
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022