🍁 21 Chapter 🍁

1.2K 228 29
                                    

Sometimes the little thing we do unexpectedly becomes the big thing for someone else .. so be careful ....

.........................................................................

Wang yibo pov,

       ඊයෙ දවස ගෙවුන විදිහ කල්පනා කර කරම උදේම නැගිට්ට මම ශාන්ගෙ කාමරේට ගිහින් කතා කරේ එයාවත් ජිම් එකට එක්කන් යන්න ඔනි නිසා. ඊයෙ අපි කතා උනානෙ.

ශාන් නැගිටින්න කම්මැලි නැති උනාත් ජිම් එක ඇතුල ගියෙ හැටියෙ නම් එයා හිටියෙ එච්චර හොදින් නෙමේ. මමත් එක්සයිස් කරන ගමන් එයාට දුවන්න මැෂින් එක දාලා දුන්නත් විනාඩි පහක්වත් යන්නෙ නැතුවම එයා බැ බෑ ග ගා කෑගැහුවා වගේම ඒකෙන්ම මට තේරුනා එයා මේවට හොරයි කියන්න. ඉතින් මගෙන් ටික වෙලාවක් ඉදන් ඉන්නම් කියලා ගියපු කෙනාට එතනම මේසෙ උඩ නින්ද යනකොට මන් කරේ එක්සයිස් කරන එක නතර කරලා ඒ මූන දිහා බලාන හිටපු එක.

 ඉතින් මගෙන් ටික වෙලාවක් ඉදන් ඉන්නම් කියලා ගියපු කෙනාට එතනම මේසෙ උඩ නින්ද යනකොට මන් කරේ එක්සයිස් කරන එක නතර කරලා ඒ මූන දිහා බලාන හිටපු එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේසෙ උඩම නින්ද ගිහින් හිටපු එයාගෙ දකුනු අත පහලට වැටිලා තියනකොට අනිත් අත මෙසෙ උඩ නිදහසේ තිබුනා .. මූනට වැටිලා තියන කොන්ඩෙ පියවෙලා තියන ඇස් , ලා රෝස පාට උනු ඒ තොල් එයාගෙ ලස්සන තවත් වැඩි කරනකොට එයා තද නින්දක හිටියා. ඒ පිරුනු කම්මුල් තනිකරම මාස්මෙලෝස් වගෙ වෙනකොට මට හිතුනෙම ඒවා අල්ලලා හපන්න. එයා ලස්සනයි .. පොඩි දරුවෙක්ට වඩා ගොඩක් ලස්සනයි මගේ ශාන්. මගේ හස්බන් ගොඩක් ලස්සන කෙනෙක්.. කොයි තරම් වෙලාවක් එතන හිටියාද කියලා මට නොතේරෙනකොට අන්තිමේදි මන් එයා ගාවින් නැගිට්ටෙ ඒ සිනිදු කම්මුලකට කුඩා හාදුවක් දෙන ගමන්මයි .

එක්සයිස් කරන එක මට අනිවාර්ය දෙයක් උන නිසාම පුරුද්ද අත් ඇර ගන්න බැරි මම හැමදාම වගෙ ගොඩක් වෙලා ඉන්න තරම් වෙලාව නැති වෙනකොට ටික වෙලාවක් එක්සයිස් කරලාම ශාන්ට කතා කරා උනත් එයා හොදටම ලැජ්ජාවෙන් හිටියෙ ගොඩක් වෙලා එතනම නින්ද ගියපු නිසා. මේ ටික වෙලාවට මට තේරුන එකම දේ ශාන් එක්සයිස් කරන්න කම්මැලි කියන එක වෙනකොට මන් එයාට විහිලු කරා. වෙලාව ගැන අහපු ගමන් ඇස් පිල්ලම් ගහන වේගෙන් මෙතනින් දුවනකොට මෙතෙක් වෙලා හිර කරන් හිටපු මගෙ හිනාව එලියට පැන්නා.

Evening star  (Completed)Where stories live. Discover now