🍁 52 Chapter 🍁

1.1K 195 41
                                    

Even knowing that you are a scumbag, I will chase that scumbag with all my heart...

.........................................................................

( පුලුවන් නම් කලින් කොටස ආයෙ කියවලා මෙක කියවන්න ගන්න..🙂)

Xiao zhan pov,

" බනී.. ඔයා අදත් තනියම මෙ පාරෙන් ආවෙ ඇයි? මම ඔයාව හැම තැනම හෙව්වා.."

" ඔයා ඇවිදින් "

" ඔව් මම ආවා. ආව ගමන් ඉතින් හෙව්වෙ ඔයාව. මට හිතුනා ඔයා මෙහෙ ඇති කියලා."

" හ්ම්.."

" බනී ආයෙ මෙ පරෙන් එන්න එපා. බලන්න හදිස්සියක් උනොත් කවුරුවත් නෑනෙ මෙ පාරෙ. මම ඔයාට හැමදාම කියනවා බනී."

" හ්ම්.. මම ආයෙ එන්නෙ නැ."

" හ්ම්.. හරි කෝ එන්න අපි යමු "

හවස් වෙලා තිබුන නිසා අදත් සෝජි ගෙදර ආව ගමන් මාව හොයාගෙන ඇවිදින් තිබුනා. එයා හැමදාම මට ඔය ටික කියන එක පුරුද්දක්. එයා එහෙම කීවාට මම කවදාවත් මේ පාලු පාරෙන් එන එක නතර කරන්නෙ නැ. මෙ පාර කොයි තරම් පාලු උනත් තිබුන ගොම්මනත් එක්ක හිතට අමුතු සැනසීමක් ගෙනාව. මන් ආස උනා ඒ පාළු නිහඩ බවට.

සෝජි එයාගෙ අත මට දික් කරනකොට මම මගෙ අත එයාගෙ අතත් එක්ක පටලවගෙන එයාගෙ අතට බර උනා. මහන්සිය දැනෙන එක වැඩි වෙනකොට මෙහෙම හැමදාමත් සෝජීට බර වෙලා යන එක දැන් මට පුරුද්දට ගිහින්.

'යීබෝ..'

මට දැනුනෙ යීබෝ මන් ලග ඉන්නව වගෙ. සෝජි වෙනුවට මට පෙනුනෙ මගෙ යීබෝව. මම එයා දිහා බලාන හිටියා .. නැහැ. මන් දන්නව මේ ඉන්නෙ සෝජී. එ උනත් මෙහෙම යීබොව එ වෙනුවෙන් මගෙ හිතෙ මැවෙන එකට මම ආස කරා. එයාව මට මෙහෙම හරි පේන්න ඉන්න් එකට මන් ආස කරා. එයාව මායාවක් මගෙ මගෙ ලෝකෙට එන එකට මම ආස කරා.

පරිසරේ එන්න එන්නම අදුරු වේගෙන එනකොට අපි දෙන්නම ආපහු ගෙදර යන්න ගියෙ හැමදාමත් වගෙ සෝජි දවසෙ එයා කරපු කියපු හැමදේම අකුරක් නෑර මට කියනකොට .

"බනී මේ කිරි එක බීලා හෙමින් වොශ් එකක් දාගෙන එන්නකො කෑම කන්න. මම අද ඔයා ආසම දෙවල් හදන්නම්.."

"හ්ම්.."

සෝජී එයා හදපු කිරි එක මගේ අතට දීලා මන් ආසම කැම හදන්න කිචන් එකට යනකොට හුස්මක්වත් ගන්න මහන්සි නොවී මන් වෙනුවෙන් හැමදේම කරන සෝජි දිහා මන් බලන් හිටියා...

Evening star  (Completed)Where stories live. Discover now