🍁 57 Chapter 🍁

1.2K 209 39
                                    

I finally found you. I promise I won't let you go away from me again...

.........................................................................

Wang yibo pov,

ඊට දවස් දෙකකට පස්සෙ. ඔව් හරියටම දවස් දෙකකට පස්සෙ ෂූවන් මට ඔනි උන විදිහට හැම දේම ලෑස්ති කරලා පවුලෙ අයත් එක්ක කතා කරලා ආපහු චයිනා වලට එන්න ඔනි හැමදෙම ලෑස්ති ක‍රලා දුන්නා. ශාන් හොයාන යන්න තියන උවමනාව හැම දේටම වඩා වැඩි වෙනකොට එ ගෙවුන පැය 48 මට දැනුනෙ අවුරුදු 48ක් වගෙ.. එක ඒ තරම්ම දිග උනා...

වෛද්‍ය උපදෙස් ගොඩක් එක්ක මට ප්ලේන් එකෙත් එන්න සිද්ද වෙනකොට එ හැම දෙයක්ම මට මහ වදයක් වගෙ දැනෙන්න ගත්තා.

මම නිසාම මුළු පවුලම චයිනා වලින් ගියා වෙනකොට මම ආපහු එනකොට එයාලටත් ඔනි උනා අපහු ගෙදරට එන්න. එ උනත් එක පාරටම බිස්නස් ඔක්කොම දාලා ආපහු එන්න බැරිකමට එයාලට එහෙ ඉන්න උනා. එ උනත් ගාගා මමා, පාප වගෙම යැන්ලිත් , එ හැමෝම පොරොන්දු උනා පුලුවන් ඉක්මනට ආපහු චයිනාවලට එනවා කියලා.

අපි ආපහු එනකොට දැන ගත්තා ශාන් එදා ඒ පොටෝ එක ගහලා තිබුනෙ ෂියාමෙන්වල කියලා. ඊට එහා දෙයක් ශාන් ගැන හොයා ගන්න බැරි උනත් මම හිතා ගත්තා චයිනා ආව ගමන් එයාව හොයන්න යනවා කියලා.

කෙලින්ම ෂියාමෙන්ම යන්න ඔනි උනත් ෂූවාන්ගෙ වදෙන් පොරෙන් ඉස්සල්ලාම යන්න උනෙ අපේ ගෙදරට මගෙයි මගේ ශානුයි එකට හිටපු ඒ ගෙදරට.. තව දුරටත් එයා නැති අපේ ගෙදර සොහොනක් වගෙ වෙලා තියනකොට ගෙදරට තියපු පලවෙනි අඩියෙන්ම මාව තව තවත් කඩන් වැටුනා.. හිත පාරවන මතක හැම තැනම පිරිලා ඉතිරිලා ගිහින් තියනකොට ඒ හැම සතුටක්ම නැති කරලා දාලා සතුටින් ඉන්න තිබුන අපේ පවුල මමම විනාස කර ගත්තා කියන එක මට තදින්ම දැනෙන්න ගත්තා..

කිනිස්සකින් පපුව හාරනවා වගෙ වේදනාවකින් මාව වෙලා ගන්නකොට මට පුලුවන් උනේ මේ ගෙවුන අවුරුදු එක හමාර පුරාවටම කරා වගෙ අඩන්න විතරයි. ෂූවාන් එක්කම ඊට පහුවදා එ ගෙදරින් එලියට මම අඩිය තිබ්බෙ මගේ ශාන් වගෙ වගෙම අපේ චූටි මැණික් කැටෙත් අරගෙන මිසක් මම ආපහු ඒ ගෙදරට අඩිය තියන්නෙ නැ කියලා හිතාන.

Evening star  (Completed)Where stories live. Discover now