🍁 67 Chapter 🍁

1.3K 184 15
                                    

No matter what happens, I won't let go of your hand again. I promise. I will always be there for you.

.........................................................................

Xiao zhan pov,

යීෆෙයි ආයෙමත් අපේ ගෙදරට ආවම මට දැනුනෙ දරා ගන්න බැරි තරම් කේන්තියක්. එයා කිසිම ලැජ්ජාවක් බයක්
නැතුව ආපහු මං ඉස්සරහට ආවාම මට දැනුනේ එයා මරන්න තරම් කේන්තියක්. ඒ වුණත් කේන්තිය පාලනය කර කර ගත්ත මම තවදුරටත් ප්‍රශ්නයක් ඇති නොවෙන්න ඕන නිසා කට වහගෙන පැත්තකට වෙලා හිටියත් මං මම කාමරේට යනකොට එයා මගේ පස්සෙන් ඇවිදින් එක එක දේවල් කියනකොට මට බැරි වුණා තවදුරටත් ඒ දේවල් ඉවසන්න.

"ඔහො එහෙනම් තමුසෙ ආපහු ආවා.."

"ආවා නම් තමයි හැබැයි ආයෙ යන්න බලාන නෙමෙ."

"හහ්..බලමුකො කොහොමද දිගටම ඉන්නෙ කියලා.."

යිෆෙයි එයාගේ උද්දච්ච වචන ආයෙම කියනකොට මෙ පාර මට ඔනිවටත් වඩ කේන්ති ගියා..

" ඇයි තමුසෙ හිතුවද ඔය බොරු මායම්වලට යිබො රැවටෙයි කියලා . මතක තියා ගන්නවා තමුන් යිබො ලග හිටියට එයා හැමදාමත් ආදරෙ කරන්නෙ මට මිස් යීෆෙයි . එයා එදත් අදත් ආදරෙ මට විතරයි. තමුසෙගෙ පහත් අදහස් නිසා ඔහේට බැ එයාවයි මාවයි වෙන් කරන්න..."

"යීබො තාමත් වෙච්චි දෙවල් දන්නෙ නැ ශාන්. එ නිස මට පුලුවන් තාමත් එයාව මගෙ පැත්තට නම්ම ගන්න.."

"අනෙ පවු.. ඔයා හිතනවද යීබෝ එ දේවල් දන්නෙ නැත්තන් මාව හොයාන එයි කියලා? එයා හැමදෙම දන්නවා යිෆෙයි . මට නෙමෙයි තමුන්ටයි මෙ ගෙදරින් එලියට බහින්න වෙන්නෙ.."

හිතේ කේතියට එහෙම කිවා උනත් ඇත්තටම මම හරියටම දැනන් හිටියෙ නැ යිබෝ එ හැමදෙම දන්නවද කියන්න. අකුරක් නෑර.. මොකද අපි මෙ ගෙදරට එකට ජීවත් වෙන්න ආවා උනත් මම තාම එයත් එක්ක හරියට කතා කරලා තිබුනෙ නැ..

එතනින් දිග්ගැස්සුනු අපෙ කතාව දුර දිග යනකොට කේන්තිය වැඩිකමට එතෙක් දවස් හිර කරගෙන හිටපු කේන්තිය නිසා මම එයාට කම්මුල් පාරක් දුන්නා.. එ උනත් එයා හැපින්නක් වගෙ මගෙ පස්සෙන් පන්න පන්න එක එක දෙවල් කියාන එනකොට මම පහලට එන්න ආවා උනත් එයාට අයෙම කම්මුල් පාරක් දුන්නෙ එයා යිබොවයි මිනීවයි මගෙන් ඈත් කරනවා කියපු එකට..

Evening star  (Completed)Where stories live. Discover now