🍁 39 Chapter 🍁

1.1K 210 28
                                    

Look into my eyes
You will see, what you mean to me
Search your heart, search your soul
When you find me there, you'll search no more
Don't tell me it's not worth trying for
You can't tell me it's not worth dying for
You know it's true
Everything I do
I do it for you

.........................................................................

Wang yibo pov,

අවුරුදු දෙකකට පස්සෙ යීෆෙයි ආයෙම ඇවිදින් ඉන්නකොට මට දෑනුනෙ දරා ගන්න බැරි සතුටක් හැබැයි එ වෙනදා වගෙ සතුටක් නෙමෙ... අද එයා මගෙ මගෙ යාලුවෙක් සහොදරයෙක් විදිහට දකින්න මට පුලුවන් වෙලා තිබුනා.

මට එදා දවසෙ නොදැනිම ශාන්ව මගැරුන එකට මන් පසුතැවුනා . මොකද එයා යීෆෙයි ගැන දන්නෙ නැති නිසා. ඒ උනත් මන් උත්සාහ කරා එයාට අපි ගැන කියලා හිතේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න වග බලා ගන්න. එ වගෙම එදා ශාන් මන් එනකන් කෑම නොකා හිටපු එක නිසා මන් හිතා ගත්තා ආයෙ කිසිම දවසක කිසිම වෙලාවක එයා එක්ක මිසක් කෑම නොකන්න.. මොකද මන් දැන් හොදටම දන්නවා මන් නැතුව එයත් කැම නොකන බව..

ඒ සතියත් කාර්‍ය්බහුල වෙනකොට වෙනදාට වඩා ඔෆිස් එකේ සද්දෙ වැඩි උනා. යීෆෙයි ආයෙ ආවම ඉස්සර වගේම සෙට් එකම ඔෆිස් එකට එන්න ගත්තා වගෙම එයාලයි ප්‍රදර්ශනේ වැඩයි එක්ක මට තරමක් ශාන්ව මගෑරුනා. එත් මන් පුලුවන් හැම වෙලේම උත්සාහ කරා එයාට අවධානෙ දෙන්න.

හැම වැඩක්ම හරියට වෙනකොට එදා ප්‍රදර්ශනේ දවසෙ මගෙ ශාන්ගෙ අතින් ඇන්ද සිතුවක් zw ගේ තරමටම ලස්සනට තියන බව මන් දැක්කා. එයාට ෆැෂන් ඩිසටින් වගෙම චිත්‍ර අදින එකත් ඕනිවටත් වඩා දක්ෂ විදිහට කරන්න පුලුවන් වෙනකොට මට තේරුනා ශාන් හැම දේකටම වගෙ දක්ෂයි කියන්න. එත් එයා කීයටවත් එයාගෙ චිත්‍ර ගැන විශ්වාසයක් තිබ්බෙ නැති උනත් එයාවත් පුදුම කරවමින් ඒ හැම එකකටම හරිම වටිනාකමක් හම්බ වෙනකොට මන් ආඩම්බර උනා.

මන් දන්නවා ශාන්ට මෙහෙ කවුරුත් යාලුවෙක් වත් නාදෑයෙක්වත් නැහැ කියන්න ඒ නිසාම මගෙ යාලුවො හැමෝම එයාට එයාලගෙම සහෝදරයෙක්ට වගෙ සලකන්කොට මන් හිතුවා එක ශාන්ට සතුටක් වේවි කියන්න. එක මට එයාගෙ මූනෙන් දැනුනා..

එදා එ ප්‍රදර්ශනෙන් දවස් කීපයකට පස්සෙ අපි හැමෝම ගාගලා ගෙදරට ගියෙ ටිකක් නිදහසෙ ඉන්න. විනෝද වෙන්න. යැන්ලිට මුල් මාස කීපය නිසා දුර යන එක එ තරම් හොද නොවෙනකොට අපි හැමෝම එකට එකතු වෙලා තීරනෙ කරා එහෙට යන්න..

Evening star  (Completed)Where stories live. Discover now