3. තවදුරටත් එයා මගේ කවුරුවත්ම නෙවෙයි !

799 199 23
                                    

ජන්ග්කුක් අඩියක් පිටිපස්සට විසිඋනා. ඒ පළවෙනිම පාර. ජීවිතේ පලවෙනි පාරට ජන්ග්කුක්ගේ මමා ජන්ග්කුක්ට අතක් උස්සලා තිබ්බා.

ජන්ග්කුක්ගේ කම්මුල් රතු වෙලා පුපුරු ගැහුවා. එයාගේ කදුළු පිරුණු ඇස් කේන්තියෙන් ඉදිමුනේ හරිම භයානක විදිහට. මමාගෙන් ලැබුණු පළවෙනි කම්මුල් පාර, ඒක හරි පුදුම සහගත ලෙස ජන්ග්කුක්ගේ මනසේ තැම්පත් උනේ ජීවිත කාලයටම අමතක නොවෙන්න.

" හනී......" ජිමින්ගෙ පපා ජන්ග්කුක්ගේ මමාගේ වෙව්ලන අත් තදින් අල්ල ගත්තා. " දැන් ඇති .... අපි එයාව හොයාගමු "

" සමාවෙන්න යොබෝ.... මගේ පුතාගේ නොසැලකිලිමත් වැඩ වලට... එයා තවම පුංචියි.... " ඒ අතර මමා හිටියේත් ඇස් වල කදුළු පුරවගෙන. එයා ජිමින් ගැන ගොඩාක් බය උනා... එයාගේ වෙව්ලන ඇගිලි තුඩු ජිමින්ගෙ අප්පා යන්තමට සිප ගත්තේ ජන්ග්කුක්ගේ මමා එච්චර නරක විදිහට හොදින් නොවන නිසා. ඒ අතරේ සොක්ජින් හොදටම බය වෙලා හොටු පෙරාගෙන අඩන ගමන් මුල්ලකට වෙලා එයාගේ අප්පගේ අතක් තද කරලා අල්ල ගත්තා... එයා හොදටෝම පසුතැවෙන ගමන් හිටියේ ජිමින්ව ටික වෙලාවකට ජන්ග්කුක් එක්ක තනි කරපු එකට.

ජිමින්ගෙ පපා ලොකු හුස්මක් හෙලුවා. එයා ජන්ග්කුක්ගේ මමාගේ ඇස් වල කදුළු ටිශු එකකින් පිහදැම්මේ අමාරු හිනාවක් එක්ක. " එයාව අපි හොයාගමු. දැනටම සිසිටිවී චෙක් කරනවා. මම ඒ ගැන බලන්නම්. ඔයා දැන් අමුත්තෝ මුණ ගැහිලා කතා කරන්න ඕනේ..." එයා අන්තිමේ කිව්වා.

ජන්ග්කුක්ගේ දිහා එකපාරක්වත් හැරිලා බලන්න පරක්කු නොවී එයාගේ මමා විවාහ ශාලාවට ඇවිදගෙන ගියේ ජන්ග්කුක්ව එතන තනි කරලා... හරියට ජන්ග්කුක් වගේ කෙනෙක් තවදුරටත් නැහැ වගේ.

සොක්ජින් එයාගේ අප්පගේ අතේ එල්ලිලා කදුළු හල හල ජිමින්ගෙ පපාගේ පස්සෙන් වැටුනේ ජිමින් ගැන මොකක්ම හරි ආරංචියක් එයි කියන බලාපොරොත්තුවෙන්... මොකද එයා තවදුරටත් ජන්ග්කුක්ට සමාවක් දෙන්න ලෑස්ති වෙලා හිටියේ නැහැ. එයාටත් ජන්ග්කුක්ව අමතක උනා....

" ස්විට්.....අපි දැන් යන්න ඕනේ... මෙතන ඔයා තනියම ඉන්න එක හරි නැ " ලිලී, ජන්ග්කුක්ගේ නැනී එයාගේ අතකින් අල්ල ගත්තා... ජන්ග්කුක් ගැන මතක තිබුනු එකම කෙනා එයා කියලා හිතෙනකොටම ජන්ග්කුක් කවදාවත් නැතිව ලිලීගේ අත ගසලා පැත්තකට උනා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now