ජිමින් හිටියේ එයා හයර් කරපු කැබ් එකේම එහා පැත්තේ අසුනේ දිගැදිලා ඉදගෙන බර කල්පනාවක වැටුනු ෆෙලික්ස් දිහා බලලා මොණවම හරි ගැන කල්පනාවකට වැටෙන ගමන් .... එයා යන්තමට සුුසුමක් හෙළලා ඉස්සරහා බලා ගත්තත් හිතට තවම කණගාටුවක් දැනෙනවා.
දැන් ගොඩාක් කල් ගත වෙලා හරියට එදා කලබගෑනීයෙන් මාස එකහමාරක් දෙකකට කිට්ටුවේ දවස් තිබුනේ.
ලී ගෘප් වල ඕනර් තමන්ය කියාගෙන ආපු ජිමින්ගේ වෙන්ඩ හිටපු මාමණ්ඩිගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව ජිමින්ට සිද්ධ උනා ආරක්ෂක අංශ වලට පර්යේෂණ කටයුතු වලට සහයෝගය පිණිස ඒයාලාගේ ලස්සන ෆර්ම් එක තිබුනු ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම හිස් කරන්න.
ජිමින් ආදරෙන් ගොඩ නගා ගත්තු , හදාගත්තු හැමදේම දාලා ටික කාලෙකට එයාලට ඒ කටයුතු වලට ඉඩ දෙන්න එතනින් ඉවත් වෙන්න වුනා.
ජන්ග්කුක්ගේ මමා, දෙවියන් වහන්සේට ස්තුතීවන්ත වෙන්න... ඇත්තටම හිටියේ ජන්ග්කුක්ගේ පැත්තේ. මම හිතන්නේ එයා හැමදේම මේ කාලය ඇතුලත තේරුම් ගන්න ඇති . ජිමින් සහා ජන්ග්කුක් ගැන. ඒ වගේම එයා දැනටමත් තමන්ගේ හස්බන්ඩ්ගෙන් සෙපරේට් වෙන්න, ඒක දික්කසාදයක්ම වේවී - තීරණය කරලා තිබුනේ. එකක් පාර්ක් මෙච්චරකල් තමන්ට කොලේ වහපා කරපු සියලු මුල්‍ය වංචා හෙළිදරව් වීම ලොකු හේතුවක් වෙද්දි තවදුරටත් ඒ විවාහයෙන් ලොකු වැදගත් කමක් ඉතුරු වෙලා තිබුනේ නැතුවැති.
ජිමින් එයාගේ පපාට වෙච්ච හැමදේකටම සමාව දුන්නා. ඒත් නිතීයෙන් එයා කරපු වැරදි වලට දඩුවම් ලැබෙවී.
මිස්ටර් පාර්ක් සෙල්ලම් කලේ එයාගේ දරුවගේ ජීවිතේ එක්ක, දැන හෝ නොදැන. අනික එයා කවමදාවත් හොද පපා කෙනෙක් උනේ නෑ ජිමින්ට... ඕනෙම අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් තැනකටයි එයා ජිමින්ව යවන්න හැදුවේ. දැන හෝ නොදැන...
ජිමින් එයාගේ ටීම් එක එක්ක දැනට එයාගේ කම්පැනි එක උස්සගෙන ඇවිත් තාවකාලිකව අටව ගත්තේ ජන්ග්කුක්ගේ මමාට අයිති ගොඩනැගිල්ලක. එයා කැමති නෑ.... එයාට ඒකෙන් හොදක් දැනුනේ නෑ. ඒත් මෙච්චරක් කල් මේ හැමදේම සිද්ධ වෙනකොට එයාගේ ටීම් එක තමයි මේක අල්ලගෙන හිටියේ . හදිසියේ ඒ කිසිම කෙනෙක්ට අසාධාරණයක් වෙන විදිහේ තීරණයක් ගන්න ජිමින්ට කොහෙත්ම ඕනේ උනේ නෑ. ඒත් මේ වෙලාවේ හැටියට එයාට කරන්න දෙයක් නෑ වගේම... හොදම කාරණාව ඒ ගොඩනැගිල්ල දැනටමත් ජිමින්ගේ අයිතියේ තියන එකක් වීම එයාවත් නොදැන හිටි එක.... ජන්ග්කුක් උනත් ඔය කිසි දෙයක් ගැන කටක් හෙල්ලුවේ නෑ....
CZYTASZ
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...