ජිමින් හිටියේ එයා පුංචි කාලේ වැඩිපුරම කාලය ගත කරපු තැන බිම පෙරලිලා උඩ බලාගෙන ඔහේ.....හිස්වෙලා වගේ..... අර රූප ගොඩාක් තිබුනු කතන්දර පොත් ගොඩක් බිම දාගෙන කියව කියව බෑම් එක්ක හිනා වෙවී පෙරලි පෙරලි හිටපු කාලේ....
එයාට දේවල් සෑහෙන ප්රමාණයක් ඉතා හොදින් මතක තිබුණා. හරිනම් මේ වෙලාවේ එයාට ඕනෙ උනේ ජන්කුක්ව තුරුළු කරගෙන කෑ ගහලා අඬන්න. එයාට එකම එක වතාවක්වත් මේ වෙච්ච දේවල් එක්ක කරන්ම ඕනේ උනු ඒත් කරගන්න බැරි උනු දෙයක් ඒක. එයාගේ මොට්ට කුකීව තුරුළු කරගෙන අඩන එක.... එයාව එහෙම අමතක කරපු එකට එයාව චප්ප කරලා දාන්න. ඒක කොච්චර වැරදියිද
" ම්හ්......" ජිමින් ලොකුම ලොකු සුසුමක් හෙලුවා.
මිස් සෝරා, ජන්කුක්ව පරීක්ෂා කරලා ඉවර වෙලා ගොඩාක් වෙලා ගතවෙලා තිබුණා. එයා ජිමින් එක්ක කතා කරන්න ඕනේ කියලා කිව්වා උනත් ජිමින් හිටපු ශොක් එකත් එක්ක එයා ඒ ගැන ජිමින්ට බල කරේ නෑ.
" මම එයාට පුංචි ඉන්ජෙක්ට් එකක් දුන්නා. හී ඊස් ෆයින් නව්.... එත් මිස්ටර් ජිමින් පාර්ක්.... වී ශුඩ් ටෝක් .... අයි වෝන්ටු ක්නෝ ..... වට් රියලි හැපන්ඩ් දෙයා....." සෝරා ඇහුවා.
ජිමින්ට ඒ හැමදේම ඉතා පැහැදිලි උනත් එයාට වෙච්ච දේවල් පැහැදිලි කරන්න පුළුවන් තරම් ශක්තිමත් බවත් තවදුරටත් දැනුනෙ නෑ. ජන්කුක්ගෙ වේදනාවෙන් පිරුණු ඇස්..... නෑ..... මේ හැමදේම සිද්ධ උනේ.... තමන්ගේ මෝඩ විකාර සෙල්ලම් හින්දා.... බබෙක් වගේ හැසිරෙන්න එපා ජිමින්. අපට දැනටම එක බබෙක් ඉන්නවා බලා ගන්න.
" සො..රි... මිස්....සෝරා... " ජිමින් යන්තමට අමුන ගත්තා... " ක්...කැන් වී... ටෝක් ලේටර්.... ප්ලීස්" ජිමින් කිව්වා.
YOU ARE READING
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...