![]()
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra. ඒක හරිම calm කෑම වෙලාවක්. අඩුම ටේහිය්‍යුන් .... හොදයි. එයා හිටියේ හොදට ටෝස්ට් කරපු පාන් පෙත්තක් ජිමින් හදපු රසම රස වෙජිටබල් මශ්රූම් චිකන් සුප් එකත් එක්ක ගිල දාන ගමන්. ජිමින් හිටියේ ජන්ග්කුක් ලගින් ඉදගෙන සම්පුර්ණයෙන්ම එයාගෙ කියුට් මූණ ජන්ග්කුක්ගෙ ඇස් දිහාට දික් කරගෙන. ජන්ග්කුක් ජිමින්ගෙ චුට්ටන් රෝස පාට ලිප්ස් ටීශු එකකින් පිහදාන ගමන් එයාට අනික් සුප් හැන්ද පෙව්වා. සාමාන්‍යයෙන් ජිමින් තමයි ජන්ග්කුක්ට කවන්න පොවන්න මහන්සි වෙන්නේ. ඒත් අද තත්ත්වය වෙනස්. ඒක නිකන් ජිමින් හැමදේම වටහාගෙන වගේ කියන දේ ජන්ග්කුක්ට තේරුම් කරා.
ජිමින්ගෙ කම්මුලට හාද්දක් දෙන ගමන් ජන්ග්කුක් ජිමින්ට බටර් තවරපු පුංචි බන් එකෙන් කටක් කැව්වා. ජන්ග්කුක්ගේ ඇගිලි තුඩු ජිමින්ගෙ කම්මුල් ආදරෙන් පිරිමදින හැටි දැක්කම නම්ජුන්ට කොහෙන්දෝ ඉක්කාවක් පටන් ගත්තා...
" ඔයා පුදුම වෙලා වගේ බලන්න දෙයක් නෑ " ටේහිය්‍යුන් එයාට කිට්ටු කරලා ඉදගෙන ඉන්න නම්ජුන්ට මිමිණුවා. " ඒක මාර ක්‍රින්ජ් නෙහ්... ආදරේ කරන්න ගත්තම ඔහොම තමයි... අද ඔය හැසිරෙන විදිහ සෑහෙන්න හොදයි.... " ටේහිය්‍යුන් කිව්වේ කටත් ඇරන් අපහසුවෙන් වගේ ඉන්න නම්ජුන් ටේහිය්‍යුන් දිහා බලාගෙන සුප් හැන්දක් බොන්න ගත්තම. ටේහිය්‍යුන් තව ටිකක් නම්ජුන්ට ලං උනා.
" ඔයා හොදට බලන් ඉන්න. ඔය ජන්ග්කුක්ගේ තාම වැඩ පටන් අරන් නෑ " ටේහිය්‍යුන් කිව්වා. නම්ජුන් නහය අකුළුවගත්තා.
" ටේහිය්යුන්ශි...."
" ශ්... කෑගහන්න එපා. බලන් ඉන්න. තව ටිකකින් එයාලා තුරුළු වෙලා කිස් කරන්න ගත්තම අපිට නැගිටලා පහලට යන්න වෙයි කොහොමත්... ඩිස්ගස්ටින් ...... ඊව්....මට තෙරෙන්නැ ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ කියලා ......" ටේහිය්‍යුන් ලොකු පාන් පෙත්තක් ආයෙම කටට ඔබා ගත්තා. " ඉක්මනට කන්න මිස්ටර් කිම්... ඔයාට වෙලාව තියෙන්නෙ හරිම අඩුවෙන් "

VOCÊ ESTÁ LENDO
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanficජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...