" බහිනවා "
ජන්ග්කුක් හිටියේ තරමක් දුරට බීමතින් සහා ගෙවුනු සති අන්තය එයාව සම්පුර්ණයෙන්ම වෙහෙසට පත්කරලා තිබුණේ. තව දුරටත් එයාට අදාළ නොවන පුද්ගලයින්ව හමු වෙන්න එපා කියලා නම්ජුන් එයාට කොච්චරවත් කිව්වා උනත් හැමදේකම අගමුල දැනගන්න දත කන අර මුරණ්ඩු ජන්ග්කුක් මේ කිසිම දේකට ඇහුම්කන් දෙන පාටක් තිබුනේ නෑ.
නම්ජුන් හිටියේ පිස්සු හැදිලා වගේ...
අනික ජන්ග්කුක් , එයාට දැන් ඉන්නවනේ හම්බවෙන්න අලුත් යාළුවෝ සෙට් එකක් සහා කතා කර කර ඉන්න අලුත් ගෑනු ළමයෙක් . පිටතින් බලන කෙනෙක්ටනම් හැමදෙයක්ම ගැන පේන්න තිබ්බේ එහෙම උනාට ඇත්තටම ඒක එහෙම නෙවෙයි කියලා දන්නේ ජන්ග්කුක් ඇතුළු මේ ගේම් එක ප්ලේ කරන තවත් කිහිප දෙනෙක් විතරයි.
ජිමින්ට ඇවිත් තිබුණු විවාහ යෝජනා කිහිපයක් නිසාම බිසී වෙච්ච මිස්ටර් පාර්ක් මේ හදිසියේ නටන්න හදන නාඩගම ගැන කලකිරිලා ඉන්න මිසිස් ජියොන් එක්ක ජියොන් මන්දිරයේ තත්ත්වය හොදටම නරක් වෙලා තිබුනේ...
සමහර ව්‍යාපාර කටයුතු එක්ක අකමැති උනත් අකමැත්ත නොපෙන්වා ගණුදෙනු කරන්න සිද්ධ වෙච්ච හේතුවෙන් ජන්ග්කුක්ට තිබුනෙත් බිසි ශෙඩියුල් එකක්. ඒ කෙසේ වෙතත් ජිමින්ගේ විවාහය ගැන එයාගෙ කන වැකිලා නොතිබෙන්න බැහැනේ. ඔව්... එයා ඒ ගැන දන්නවා... ජිමින්ගේ පපාගේ මේ පිස්සු වැඩ ගැන හොදටම කළකිරුනු කොල්ලා හිටියේ ලෝකෙන්ම හැංගිලා වගේ... ෆෙලික්ස් සහා නම්ජුන් නොහිටින්න ජිමින් මේ යන විදිහට බංකොලොත් වෙලා.... සොක්ජින්ට බිස්නස් ගැන දැනුමක් තිබුනේ නෑ. එයා වෘත්තිකයෙක් මිසක් ව්‍යාපාරිකයෙක් නෙවෙයි. ඒ උනත් එයත් හිටියේ ඔක්කෝම ගැන ඇහැ ගහගෙන. කීප වකාවක්ම සොක්ජින් හැදුවා ජිමින්ව එයා ළගට ගෙන්න ගන්න. ඒත් ජිමින් කිව්වා එයාට ටිකක් තනියම ඉන්න ඉඩ දෙන්න කියලා .... මේ හැමදේටම හිත හදාගන්නත් එක්ක...
එතකොට ජන්ග්කුක් , දැන් ටිකකට කලින් තමන්ගේ එහා පැත්තෙන් ඉදගෙන ඉන්න හුරුබුහුටියි කෙල්ල ජිමින්ගේ අනාගත බිරිද වෙන්න බලන් ඉන්න ලැයිස්තුවේ ඉන්න බව එයාට රහසක් වෙලා තිබුනේ නෑ. ඒත් මෙයාලා හිටියේ පුදුම කූල් එකේ... විවාහය ගැන පුදුම සතුටක් ඇති. ඒත් කොහොමද එයාව ප්‍රතික්ෂේප උනොත්. ලැයිස්තුවේ මිසිස් ජියොන්ගේ ඥාති දියණියකුත් ඉන්නවා ... අන්න ඒක ජන්ග්කුක්ට ගැටළු සහගත උනා.
BẠN ĐANG ĐỌC
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...