"ඔයා....." ජිමින් තමන්ගෙ ඇගිලි ජන්ග්කුක් දිහාට දිගු කරා. එයා දැකපු දේ ඇත්තක්නම් මේ වෙනකොට එයාගේ මොට්ට මොලේ පෑදෙන්න ඕනේ....
එයා හිටියේ පුදුමයට පත් වෙලා වගේ කට ඇරගෙන බෝල ඇස් රවුම් කරගෙන දැන් නම් ඒවා චීන පාට නෑ. තෝර පෙත්තගේ වගේ රවුම්...
ජන්ග්කුක්ට ඕනේ ජිමින්ව එහෙම්මම සිපගන්න... ඉතා තදින් සිප ගන්න.... සමහර විට ඒක පුංචි හාද්දකින් දැනට ඉවසන්න පුළුවන්.... වේවී....
ජන්ග්කුක් ඉස්සරහා පැන්නා.
ජන්ග්කුක්ගේ තොල් ජිමින්ගෙ කම්මුල් අස්සේ ගිලිලා තප්පර දහයකට පස්සේ අතරුදහන් වෙද්දි ජිමින් හිටියේ පුපුරන ගමන්.... පුපුරන්නේ කේනතියටද පුදුමයටද ලැජ්ජාවෙන්ද නැත්නම් වෙන මොන මගුලක් හින්දද දන්නැ. හැබැයි මේ අදුර මැද්දෙද් එයාගෙ කම්මුල් රතු වෙලා කියලා ජන්ග්කුක් දැක්කා.
ඔහ් එයාට සීතල ඇති...
ජන්ග්කුක් ජිමින්ගෙ උරහිසට බරවුනා... ජන්ග්කුක් ජිමින්ට තුරුළු වෙලා එයාගෙ දඟ නහය ජිමින්ගෙ බෙල්ල පාමුල තද කරලා හුස්ම තියද්දිත් ජිමින් ගල් පිලිමයක් වගේ එහෙම්ම හිටගෙන හිටියා. ජන්ග්කුක් තමන්ගෙ ඔලුව උස්සලා ජිමින් දිහා කවදාවත් නැති තරම් හැබැයි මේ ලගකදි ඉදලා ජිමින් දැක්කම සොෆ්ට් වෙලා යන විදිහට එයාගෙ ඇස් රවුම් කරගෙන කට උල් කරගෙන බලාගෙන හිටියේ...
ජිමින් හිටියේ ඉදුනු හුරතල් කොච්චි කරලක් වගේ රත් වෙලා....
ඇස් වල කදුළු පුරෝගෙන....
ජන්ග්කුක්ට දැනුනේ හරිම ලෝබ හිතෙන හැගීමක්.....
" මං ඔයාට කැමතියි ..... " එයා සයින් ලැන්ග්වේජ් එකෙන් කිව්වා.
"මට කවදාවත් ඔයා මගේ සහෝදරයා උනේ නෑ.... ඔයා ඒක දන්නවනේ" ජන්ග්කුක් දිගටම තමන්ගෙ දක්ශතා ප්‍රදර්ශනය කරන ගමන් හිටියේ.
ඊළගට එයාගෙ අත් ජිමින්ගෙ බද වටේ එතෙන්න පටන් ගත්තා... එයාට බයයි ජිමින් දැන් ඉන්න විදිහට හොදවයින් ගුටි කන්න වෙයි ද කියලා ....
" අහ්ම්... මේ.... මට......"
ජන්ග්කුක් ෆුල් ස්ට්‍රෙන්ග්ත් එකෙන් කටහඩ පාලනය කරගත්තා. ජිමින්ව බය කරන්න එයාට ඕනේ නෑ.
CZYTASZ
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...