86. චීන රසකැවිල්ල

217 49 43
                                    

හේසොක් හිටියේ එයාගේ නපුරු බීකරේ අත් අතරට හිරවෙලා තුරුළු වෙලා කවමදාවත් නැති තරමට වැඩියෙන් කදුළු පෙරාගෙන අඩන ගමන්.

එයාගේ ආරක්ශාවට හතර වටේ වටවුනු ආරක්ශකයෝ මුකුත් දැක්කේ නැ වගේ අහක බලා ගත්තා.

හේසොක් වෙනදා වගේ නෑ . අර දිග කොණ්ඩේ හොදටම කපලා හැමතැනම එල්ලන් හිටපු යකඩ කෑලී ඔක්කොම පැත්තකට දාලා . පාට නියපොතු පාට නෑ අද. වෙනදට ඒ දඟ ඇස් හැඩ කරපු අයිලයින නැති හින්දද මන්දා එයාගෙන් පෙනුනේ පරිණත වැඩිහිටි පෙනුමක්...

" මුලින්ම මාස හයයිනේ බේබී.... මම එන්නම් ඔයාව බලන්න.... ම්ම්...." සොක්ජින්ගේ ⁣කඩහට බිදිලා ගියාට එයා අල්ලගෙන ඉන්නවා... " ඊට පස්සෙත් ඉතුරු ටික ඔයාව බලන්න මම එනවා බේබී....."

තව පැය බාගෙකට පස්සේ මේ උණුහුම නැති ජීවිතෙට එයාට හුරු වෙන්න වෙනවනේ. ඒකට ලෑස්ති වෙලා ඉන්න එයාට සිද්ධ වෙනවනේ.

" බේබී.... ඩොන්ට් ක්‍රයි... ආහ්.... මෙහෙම රතු වෙලා ඔයාට එලියට බහින්න දෙන්නේ කොහොමද මින් මම...." සොක්ජින්ගේ හදවත හරියට රිදෙනවා. ඒත් මේක කලින් තියා අරගත්ත තිරණයක්. ඉස්සරහාට එන්න තියන ලොකු ප්‍රශ්ණ ගොඩකට එකම උත්තරේ හේසොක් මිලිටරි යන එක. එයාගෙම අප්පා ජනාධිපති මින් කිම්හෝ දැනටමත් හේසොක් අන්ඩවර්ල්ඩ් චැම්පියන්ශිප් එක දිනපු එක ගැන දැනුවත් වගේම තමන්ගේ ලමයම තමන්ගේ ඉදිරි සැලසුම් වල ඇමක් කර ගන්න ඉස්සරහාට අඩිය තියන්න බලන් ඉන්න බව නොරහසක්.

නම්ජුන් එයාගේ සම්පුර්ණ බලය යෙදුවත් පවුල් ඇතුලේ ආරවුල් තියෙන්නේ එයාගේ සබ්ජෙක්ට් එකෙන් පිට. තවම කැමැත්ත නොලැබුණු හෙසොක්ගේ ආදර සම්බන්ධතාවය, යුන්ගිගේ අතුරුදහන් අමුතු ගති පැවතුම් එක්ක ජනාධිපතූමා ටිකක් සද්ද වහලා හිටියට ඊළග බෝම්බෙ කොහෙන් කොහොම පත්තුවෙයිද පැතිරෙයිද දන්නැ.

හැබැයි දැනටමත් හේසොක් ප්‍රසිද්ධියේ පෙම්වතෙක් ආශ්‍රය කරන බව රහසක් කරලා තියා ගන්න බැරි තරම් වැඩේ දික් ගැස්සිලා තිබුනේ කියලා එතුමා දන්නවා.

හැමදාම තියෙන්න නෙවෙනෙ ... එහෙමයි එයා හිතුවේ... ඒත් හේසොක් ගේම ඉල්ලන්නේ වෙනම පාරකින්. එයාට දැන් තියන පවර් එක එක්ක එයාගේ අප්පට උනත් එයා එක්ක සෙල්ලම් දාන්න කලින් දෙපාරක් හිතන්න වෙවී . විශේෂයෙන්ම එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට අතක් තියන්න එහෙම මිස්ටර් මින් කිම්හෝ හිතාගෙන ඉන්නවා නම්... මම කියන්නේ... එපා.... ඒක කරන්න හිතන්නවත් එපා....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Onde histórias criam vida. Descubra agora