" බ්ලැක් හාට් " කියන්නේ ඉතා සුඛෝපභෝගී අධිආරක්ශිත පරිසරයක පිහිටි නගරයේ නමක් දරණ එක්තරා රහස් හිමිකරුවෙකුගේ රාත්‍රි සමාජ ශාලාවක්. මේ රාත්‍රිය නම් සමාජ ශාලාවේ තමන්ගේ රැකියාාව සිදු කරපු බොහෝ දෙනෙක්ට පුදුම තරම් අවිවේකී කාලපරිච්චේදයක් ආරම්භ කරලා තිබුනේ... කාලෙකට පස්සේ අවුරුදු ගානකට පස්සේ ආයෙමත් ඒ දවස් පටන් අරගෙන...
හවස් වරුවේ ඉදන් පාකින් ලොට්ස් එකින් එක නගරයේ දනවතුන් හා බලවතුන්ගෙන් වගේම වෙනත් රටවල් කිහිපයක අමුත්තන්ව සාදරයෙන් පිලාගන්න ගමන් , සුඛෝපභෝගී රතවාහන වලින් පිරෙමින් තිබුණේ.
ඊට අමතරව තවත් විශේෂ අමුත්තන් කිහිපදෙනෙක්ම පිළිගැනීමේ අරමුණින් අද සාමාන්‍යයෙන් සමාජ ශාලාවට පැමිණෙන පිරිස යම්තාක් දුරකට සීමා කරලා තිබ්බේ. ඒ විශේෂ අමුත්තන් වෙනුවෙන්න සමාජ ශාලාවේ උඩු මහල් තලය යුහුසුළුව සැකසුනේ හැම දෙයක් අතින්ම උසස්ම තත්ත්වයේ සේවාවක් සපයන බලාපොරොත්තුවෙන්.
කිම් නම්ජුන හොද හුස්මක් අරගෙන තමන්ගේ එහා පැත්තේ හිටගෙන ඉන්න ආරක්ෂකයා දිහා බැලුවා. මේ ගමනට එයාගෙ ළගම ආරක්ෂකයෙක් වත් නොගෙන එන්න තරම් පරිස්සම් උනු නම්ජුන් ඉන්වේ විශාල චකිතයකින් , අද සිද්ධ වෙන්න යන හැමදේම ගැනම.
සාමාන්‍යයෙන් බ්ලැක්හාට් ක්ලබ් එකට ඇතුලු වෙන තැන ඉදලා එලියට එනකම් එතන ඉන්න කිසිම කෙනෙක්ට ඉදිකට්ටකවත් හානියක් නොවෙන බව දැනගෙන හිටියා උනත් අද දවසේ එයාගෙ ඔලුව විකාර වෙලා තිබ්බේ. මාෆියා රූල්ස් කියන්නේ මාෆියා රූල්ස් වලට.. එයා හරි තැන හරි වෙලාවට ඉන්න ඕනේ... හරි දේ හරියට කරන්න ඕනේ...
අඩුම එයාට මේ වගේ වෙලාවක තප්පරේකට හරි යුන්ගිට කතා කරන්න තිබබනම් කියලා නොහිතුනා නෙවෙයි. ඒත් මේ වෙලාවේ යුන්ගිගේ ප්ලෑන්ස් මොනවද කියලා දන්නේ නැතුව එයාට රිස්ක් එකක් එන විදිහේ රින්ග් කට් එකක් දෙන්නවත් නම්ජුන් කැමති උනේ නෑ.
හේසොක් නියම වෙලාවට මෙතනට එන්න ඕනේ එක ගැන මාර්ක් දැනටමත් බලන නිසා ඒ ගැන සම්පුර්ණයෙන්ම ඔලුව නිදහසේ තියා ගන්න නම්ජුන් උත්සාහ කරා උනත් ඒකත් ආයෙම එයාගෙ හිතට ගෙනාවේ ලොකු වදයක්. තමන්ගේ වම් අතයි දකුණු අතයි දෙකම කපලා දාලා වගේ දැනෙන මූසල හැගීමක් එක්ක එයා ජන්ග්කුක්ව මතක් කරේ හරිනම් අද එයා එක්ක මෙතන හිටගන්න තීරණෙ හිටියේ ඒ පොඩි එකා නේද කියලා මතක් වෙලා. අන්තිමට තමන්ගේ පළිගැනීම් ඒ කොල්ලගේ ජීවිතේ එක්ක පැටලිලා අද එයා වැටිලා ඉන්න තත්ත්වයට තමනුත් වග කියන්න ඕනෙ බව නම්ජුන් නිතරම තමන්ට මතක් කර ගත්තා. ඒ අස්සෙන් ජිමින්ගේ මුණ මැවිලා පේනකොට එදා අන්තිමට මියොල්ගේ මරණය වෙලාවේ ජන්ග්කුක්ව එක්කගෙන බුසාන් ආවම ජිමින් ජන්ග්කුක්ට සමු දුන්න හුරතල් ආරදරණිය විදිහ මතක් වෙලා නම්ජුන් ආයෙම හිත රිද්ද ගත්තේ , ජන්ග්කුක්ව බොක්සිං ක්ලබ් එකට අරගෙන තමන් ඒ ජීවිත වල සිද්ධ වෙන්න තිබුනු ලස්සන හැමදේම විනාශ කරාද කියලා පසුතැවෙන ගමන්.
YOU ARE READING
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...