ඒක හරිම ලස්සන උදෑසනක්. ජේජු දූපතටත් ලස්සනට ඉර පායලා තිබුණා. හැමදේම තිබුනේ හොදටම සුදානම් වෙලා. කැමරාමන් , ස්ක්‍රිප්ට් ඩිරෙක්ටර් නළු නිළියෝ එයාලගෙ මෙකප් ඩ්‍රෙසින් කෘව් එක එතකොට සවුන්ඩ්ස් සෙටප් ගැන බලන අය හැමදේම....
ෆෙලික්ස් හැමදේම මැනේජ් කරගන්න ගමන් උපරිමයෙන්ම එයාගෙ රාජකාරිය තිතට කරමින් හිටියේ. ටේහිය්‍යුන් පස්ස පැත්තට එලිය වැටෙනකනුත් ඊට පස්සෙත් දිග නින්දක් දාන්න හිතාගෙන හිටියා උනාට ජිමින්ගෙ රිදෙන්නෙනැති පයින් පාරකට වේදනාවෙන් හිනා වෙන්න එයාට සිද්ධ උනා.
" නැගිටිනවා කම්මැලියා.... ඔයා අර මැනර්ස් නැති ඇක්ටර්ව හැන්ඩ්ල් කරගන්වා කියලා මට ප්‍රොමිස් උනා.... කමොන් ටේටේ ගෙට් ආප්..." ජිමින්, අමාරුවෙන් ඇස් ඇරගත්ත ටේහිය්‍යුන් ඉස්සරහා දහඅට වන්නම නැටුවා.
ටේහිය්‍යුන් දැක්කෙ ජිමින්ගෙ චායාවක් එහෙ මෙහෙ විසිවෙනවා විතරයි මිසක් ජිමින් කියපු මෙලෝ දෙයක් එයාට පෙනුනෙ නෑ....
" මං යනවා දකුණු පැත්තේ කූඩාරමට හරිද.... ෆෙලික්ස් ඇහුවොත් මම එතන ඉන්නවා කියන්න. මට කැමරා ශොට්ස් ගන්න තව එක ලෝකෙශන් එකක් ගැන අදහසක් ආවා ..... " ජිමින් ටේහිය්යුන්ගේ ඔලුවට තට්ටුවක් දැම්මා.
ටේහිය්‍යුන් අනික් පැත්ත හැරිලා කොට්ටේ බදාගන්නකොටත් ජිමින්ගෙ අන්තිමම චායාව දොර අස්සෙන් එලිමහනට නොපෙනී ගිහින් තිබුණා.
.
.
.
.සෝල් නගරයටනම් ජේජු වලට තරම් උදෑසනක් උදා උනේ නෑ. විශේෂයෙන්ම ජන්ග්කුක්ට ගතවෙන හැම තප්පරයක් ගැනම තිබුනේ අවිනිශ්චිතභාවයක්. නම්ජුන් හිටියේ ඔලුව ගිනි අරන් වගේ. එයාව ප්‍රශ්න කරන හැම දෙනාටම උත්තර දෙන්න බැරි තරම් එයා හෙම්බත් වෙලා හිටියේ.
නම්ජුන්ගේ වචනයකට පිටින් කවදාවත් කිසිම කෙනෙක් මෙච්චර කාලෙකට නොගිහින් තිබුනා උනත් අන්ඩවර්ල් මැචර්ස් වලට සම්බන්ධව තිබුන කටකතාත් එක්ක ටීම් එක ඇතුලෙම බෙදීම් සිද්ධ වෙන්න පටන් අරන් තිබුනේ.
හවස්වරුව වෙන්න ප්‍රථමයෙන් නම්ජුන් අන්තිම තීරණය ගන්න ඕන වගේම.... එයාට සිද්ධ වෙනවා ඊලග බිග් ටූනාට තරග කරන තමන්ගෙ එකම තුරුම්පුව කවුද කියන දේ තරඟ තීරකයක්ට හෙලි කරන්න. මේක ජීවිතය පිළිබද ප්‍රශ්නයක්...
![](https://img.wattpad.com/cover/314926691-288-k174796.jpg)
ESTÁS LEYENDO
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanficජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...