ජිමින් හිටියේ එයාලගෙ ලස්සන පුංචි නිදන කාමරේ, එයාලගේ ඇඩ්වර්ටීස්මන්ට් කම්පැනි එකේ එයාට විවේක ගන්න ලෑස්ති කර ගත්තා උනත් අන්තිමට ජන්ග්කුක්ගේ ඇදුම් වලින් ක්ලොසෙට් එක පුරවලා දාලා සුවද බල බල ඉන්න ජිමින් කෙනෙක් ජීවත් වෙන හුරුබුහුටි නිදන කාමරේ ජිමින්ගෙ ෆෙවරිට්ම කුකී බ්ලැන්කට් එකට ගුලි වෙලා. ජන්ග්කුක්ගේ නිරුවත් පපුව මැද්දේ ලොකු හුඩී එකක් ඇද ගත්ත ජිමින් කෙල බෝල පෙරන ගමන් හොදටම දොයි. කිසි කලබලයක් නැ.
අද දවස එච්චරටම වැඩ අදික දවසක් කියලා එයාට අමතකවෙලාම ගිහින්... කාලෙකට පස්සෙ එයාට ආයෙම සනීප නින්දක් ලබන්න පුළුවන් උනේ එයාගේ බෝයිෆ්රෙන්ඩ්ගේ තෙරපි සෙසන් එකට පස්සෙ එයාලා පපා ගැන උනත් කතා කරලා ඉවර කරපු එකෙන්. හැමදේම හොදින් සිද්ධ වෙවී.....
ඒ අතරේ මින් ෆැමිලි එකත් උභතෝකෝටික අවුලකට මුහුණ දීලා ඉන්න පාටක් පේන්න තිබ්බා. ඔය උප ආරක්ශක ඇමති තුමා ඒ කියන්නෙ යුන්ගිගෙ සහා හේසොක්ගේ අප්පා, එයාගේ සමහර සමහර හදිසි තින්දු තීරණ එක්ක යුන්ගි හිටියේ හිතේ අමනාපෙන්. එයා වෙනුවට හදිසියේ හේසෝකීව හමුදා සේවයට යොදවන එකට යුන්ගි හිටියේ හිත හොදින් නෙවේ. අඩුම කොල්ලා තමන්ගෙ ඩිග්රිය ඉවර කරගන්නකන්වත් උප ආරක්ශක ඇමතිතුමාට ඉවසන්න තිබුනා කියලා යුන්ගි එයා එක්ක තර්ක කරා. එකක් හේසොක් කියන්නෙ තවම යුන්ගිට පුංචි ළමයෙක්. හේසොක් වචනයක්වත් නොකියා තමන්ගෙ ඇප්ලිකේශන් එක ෆිල් කරලා තාත්තගේ අතට දීලා මදිවට සතියක් දෙකක් පුරාවට මනුස්සයා අතුරුදහන් වෙලා ඉන්න එක එයාව සම්පුර්ණයෙන්ම නොසන්සුන් මනුස්සයෙක් කරලා තිබ්බේ.... හේසොක්ගෙ මේ අමුතු හැසිරිමෙ මහා ලොකු වෙනසක් නොතිබ්බට මොකක් හරි අමුත්තක් එයාට දැනෙමින් තිබ්බේ. ඉස්සර වගේ නැතුව ෆ්රොෆෙසර් කිම් එයාව මගාරින එක එහෙම එයාට නොතෙරුනා නෙවෙයි. එයාලා අතර මහා ලොකු යාළුකමක් තිබුනෙ නෑ තමයි. එත් හේසොක් සම්බන්ධව සොක්ජින් ඉතා හොද සැලකිල්ලක් දක්වන බව එයාට පේන්න තිබ්බා.මං කිව්වෙ මේ ඉගෙනීමේ වැඩ ගැන. ඒ හින්දා.... අනේ මන්දා.....
එතකොට ඔය කියපු ෆ්රොපෙසර් කිම් සොක්ජින් මහත්තයා , නයා මැරිච්ච මොකාද එකා වගේ.... එයා ලෙක්චර්ස් වලදි පවා හෝන්දු මාන්දුවෙලා හිටියේ .... එයා කොච්චර උත්සාහ කරා උනත් හේසොක්ව සම්බන්ධ කර ගන්න එයාට ඒක කරන්න බැරි උනා. බැරිම තැන එයා ලැජ්ජාව පැත්තකට දාලා යුන්ගිගෙන් ඒ ගැන ඇහුවම යුන්ගි උඩ බිම බලද්දි එයා දැනගත්තා හේසොක් ගියපු පණ්ඩිත ගමන යුන්ගි නොදන්න බව.
VOCÊ ESTÁ LENDO
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanficජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...