"මම චුට්ටක්වත් ආස නෑ.... පපාට පිස්සු " ජිමින් හිටියේ හෙනටම අවුලෙන්. එයා ටේහ්‍යුන්ගේ අස්සෙ තුරුළු වෙලා අඩාගන්න බැරිව ඉවසගෙන අල්ලගෙන ඉන්නේ මේ.
" ජිමිනී...බේබී කාම් ඩවුන්.... මට වෙච්ච දේ කියන්නකෝ" ටේහ්‍යුන් ජිමින්ව පුළුවන් තරම් තමන් දිහාට තුරුළු කර ගත්තා. ජන්ග්කුක් හිටියේ සොක්ජින් සහා ඉයුන්වු එක්ක මොන මොනවදෝ කියවන ගමන්. අනේ එයා හරියට කියවනවා. ජිමින්ටත් හිතාගන්න බෑ ඔච්චර මොනවද ජන්ග්කුක්ට කියවන්න තියෙන්නේ කියලා.. අනික එයා හිටියේ සතුටින්...ඒකම මදිද
" ඔයා කොහෙද ඉටියෙහ් ටේහ්‍යුන් ... ඔයාවත් මගෙ ළඟ..... ඉහ්... හිටියෙහ් නැහ්" ජිමින් ටේහ්‍යුන්ව හොල්ලලා ආයෙම එයාටම තුරුළු උනා
" ශ්ශ්....ශ්... අයෑම් සොරි බේබී... මම ඇත්තටම හිටියේ චුටී පර්සනල් දෙයක් විසද ගන්න ගමන් .... සොරි මැණික" ටේහ්‍යුන් ජිමින්ගේ ඔලුව අතගාන ගමන් එයාව ජන්ග්කුක්ට නොපෙනෙන විදිහට මුවා කර ගත්තා. හැබැයි නම්ජුන්ගේ ඇස් තිබුනේ සම්පුර්ණයෙන්ම ටේහ්‍යුන් සහා ජිමින් දිහාට යොමු වෙලා මුකුත් නමුත් වැරැද්දක් තියනවා කියලා නම්ජුන්ට තේරිලා තිබුනේ.
ඒත් හදිසියේ ඔය මැද්දට කඩා පනින්න බෑ. ටේහ්‍යුන්ගෙ මිස්අන්ඩස්ටෑන්ඩ් එක නැති කරලා චුට්ටක් ලගින් ඉදගෙන කතා කරන්න චාන්ස් එකක් ගත්තා විතරයි තාම. ඉවසන එකෙ උපරිමයෙන් ඉවසන්න වෙලා තිබ්බේ නම්ජුන්ට.
ජිමින් මොනවා හරි මුණු මුණු ගාලා ටේහ්‍යුන් එක්ක කියෙව්වේ එයාගෙ ඇස් වලින් වැටෙන කදුළු ටේහ්‍යුන්ගේ ඇග අස්සෙම පිහදාන ගමන්. ඊට පස්සේ ටේහ්‍යුන් එයාට තව මොනවා හරි කියලා එයාගේ නලල ඉබින හැටි නම්ජුන් බලාගෙන හිටියේ . ඒකෙන් ජිමින් යම්තාක් දුරට සන්සුන් වෙලා කියලා පේන්න තිබ්බා. ඊටත් පස්සේ තමයි එයාලා නම්ජුන් ඉන්න පැත්තට හිමීට ඇවිදගෙන ආවේ.
ජිමින්ව දැකපු ගමන් ජන්ග්කුක් චිමිනා කියලා කෑගැහුවා. ජිමින්ගේ දුකින් පිරුණු ඇස් සතුටින් දිලිසෙන්න තප්පරයක්වත් ගියේ නෑ. ජන්ග්කුක් ජිමින්ව තමන් දිහාට ඇදලා අරගෙන තුරුළු කරගත්තම ජිමින් පූස් මුණක් දාගෙන ජන්ග්කුක්ගෙ පපුව අස්සේ හැංගුනා. දිගම දිග හුස්මකුත් අරගෙන ඇස් ගිලලා හිනත් උනා.
KAMU SEDANG MEMBACA
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fiksi Penggemarජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...