"ජාතික බොක්සිං ශූරතාවලිය දකුණු කොරියාවේ සෝල් නුවරදී ආරම්භ වේ"දකුණු කොරියාවේ ජාතික බොක්සිං ශූරතාවලිය ආරම්භ වීමට දින නියමිතව ඇති අතර මේ වන විටත් සෝල් ග්‍රෑන්ඩ් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ගේ උද්යෝගයෙන් පිරී තිබේ. නිල වශයෙන් මෙවර තරඟ පැවැත්වෙන්නේ නගර මධ්‍යයේ පිහිටි ග්‍රෑන්ඩ් ක්‍රීඩාංගනයේ ය. මෙම ත්‍රාසජනක ක්‍රීඩා සංදර්ශනය නැරඹීමට රට පුරා සිටින උද්යෝගිමත් ක්‍රීඩා ලෝලීන් සහ බොක්සින් ලෝලීන් එක්රැස් වී සිටි බවට වැඩිිදුරටත් වාර්තා වී ඇති අතර අවට කාළගුණ තත්ත්වය නිසා තරඟාවලියේ යම් යම් වෙනස් වීම් කිහිපයක්ද සිදුවීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇත.
කෙසේ වෙතත් රට පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශූරතාව සඳහා තරඟ කිරීමට පැමිණ ඇත්තේ පසුගිය තරග වට වලින් වළල්ලේ සිය දස්කම් පෙන්වමිනි. තරඟකරුවන් සියල්ල පාහේ මෙවර ස්වකීය කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සුදානම් වන බවක් පෙනී යන අතර නවක මුහුණු රැසක්ද ඔබට තරග වළල්ලේදී දැක බලා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. ත්‍රාසජනක තරඟ සහ නැගී එන ශූරයින් පිළිබඳ යාවත්කාලීන කිරීම් සඳහා රැඳී සිටින්න.
.....................................................................
මේ දවස් කිහිපයේම ලොකු වැස්සක් වැස්සා. බුසාන් අවට කාලගුණය යම්තාක් දුරකට හොද අතකට හැරෙන ගමන් තිබුණු නිසා එයාලා යන්න කල්පනා කරපු දවස් ලන් වෙමින් තිබුණේ.
ජන්ග්කුක් හිටියේ එයාගෙ ඇදුම් බෑගය අසුරන ජිමින් දිහා බලාගෙන. පහුගිය සති දෙක පුරාවටම එයාලා අතර දේවල් හොදටම තිබුනා කියලා කියන්න අමාරුයි. හැබැයි අඩුම එයාලා ඒක එහෙම කරගන්න උත්සාහ කරා. ජන්ග්කුක් හිටියේ ඔලුව සම්පුර්ණයෙන්ම බර කරගෙන. එයා දැනගත්ත දේවල් එයාට ඇත්තටම බර වැඩී තමයි. ඒත් මේ හැම එකක්ම එයාට ඇත්තටම එපා වෙන්න තරම් ළං තිබුනේ. ඒත් එයා අල්ලගෙන හිටියා.
ඉයුන්වු ජන්ග්කුක් ට්‍රිගර් නොවෙන විදිහේ දේවල් විතරක් කරකවලා හදලා කරලා එයාට පැහැදිලි කරලා තිබ්බේ. ජන්ග්කුක්ගෙ තාත්තගෙ මරණය, මමා ජිමින්ගේ පපාව බැදපු එක. ජිමින් මේ ගෙදරට ආපු එක බෑම් වයසට ගිහින් මැරුනු එක... ජන්ග්කුක් බොක්සිං සෙල්ලම් කරා කියපු එක. නම්ජුන් එයාගෙ කෝච් කියන එක. ජිමින් එක්ක ජන්ග්කුක් ආදරෙන් බැදුනා කියන එක වගේම බොක්සින් හින්දා වෙච්ච පුංචි රණ්ඩුවකදි එයාව ඉන්ජ උනා කියන එක. අනවශ්‍ය දේවල් ඕනේ නෑනේ...
ВЫ ЧИТАЕТЕ
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Фанфикජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...