80. කකුල් දෙකේ ලව් බර්ඩ්ස්ලා

307 58 22
                                    

පාර්ක් ජිමින්, තද කළු පැහැති බැගි ටී ශර්ට් එකකට තද ජීන්ස් එකක් ඇදලා කනට පුංචි සිල්වල් කරාබුවක් දාලා ලොකු බූට් දෙකකට බැහැලා අමුතු තාලෙකට අලු පැහැති සෝෆාවට බර වෙලා එයා ඉස්සරහා එකිනෙකාට කෑ ගහ ගන්න ජන්ග්කුක්ගේ මමායි එයාගේ පපායි දිහා බලාගෙන හිටියා...

එයාට නම් මේ රණ්ඩව පටන් ගත්ත වෙලේ ඉදන් ඔක්කොම එපා වෙලා ගිහින් තිබුනේ. ⁣එයාට කොහොමත් දැන් ඉස්සරහට වෙන්න තියන කිසිම දේකින් වැඩකට නෑ . මොකද එයා දන්නවා ඔය කවුරු කවුරුත් ජිමින් වෙනුවෙන් තම තමන්ම නිර්මාණය කර ගත්ත ප්ලෑන් එකක් ඔලුවේ තියන් තමයි මේ වැඩේට බැහැලා තියෙන්නේ කියලා. වෙන්නෙ මොකක්ද කියලා බලන් ඉන්නවා ඇරෙන්න එයාට වෙන කරන්න ලොකු දෙයක් නැහැනේ කොහොමත්.

ජිමින්ගේ එහා පැත්තෙන් ඉදගෙන හිටියේ  මිසිස් ජියොන්ගේ පෞද්ගලික ලේකම්වරිය. ගල් ආදෙක් වගේ මෙලෝ අංග චලනයක් නැතිව. කාගෙ හරි ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක් වෙනවා කියන එක හරිම භයානක රස්සාවක්. ඒකට බලන්නකෝ ෆෙලීක්ස්. ප්‍රයිවට් සෙක්‍රටරි කියලා ලේබල් එක විතරයි නැත්තේ. ආ නෑ වැරදුනානේ . මනුස්සයා තමයි බොසා. අපි වැඩ කරන ජනතාව.

" ආහ්.... කම්මැලීහ්...." ජිමින් ඈනුමක් ඇරලා යන්තමට මිමිණුවා. වෙලාවත් යනවා.

ඒ අතරේ මිසිස් ජියෝන් කියපු කතාවකට හොදටම හිත රිද්දගත්ත මිස්ටර් පාර්ක් ඔක්කොම ගසා බසා දාලා ඇව්ත් ජිමින් ඉස්සරහින් ඉදගෙන දුක හිතෙන සුසුමක් හෙළුවා. ඔයා හොදටම කරනවා මිස්ටර් පාර්ක්.

" තමුසෙට මොකක් ද උනේ පාර්ක්... තමුසේට මේ මොකක් ද වෙලා තියෙන්නේ... ඔයා කොහොමද ... ඔයා.... තමන්ගෙම දරුවා ගැන ඔච්චර ලොකු තීරණයක් .... අඩුම එයාගේ කැමැත්ත අකමැත්ත මොකක්ද කියලාවත් එක පාරක්වත් අහන්නේ නැතුව.... " මිසිස් ජියොන් කෑගැහුවා... ඇත්ත හැබැයි. එහෙම කරන්න බෑනේ.

" මම කරන්නේ එයාට හොදම දේ....හනී.... " මිස්ටර් පාරක් ඇහබැමක් උස්සලා කිව්වා... හරිම තැන්පත් කටහඩකින්.... කොච්චර තැම්පත්ද කියනවනම් එයා හරියට හැසිරෙන්නේ මුළු ආත්මයම තමන්ගේ දරුවා වෙනුවෙන් කැප කරපු තාත්තා කෙනෙක් ⁣වගේ.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Donde viven las historias. Descúbrelo ahora