" ජන්ග්කුකී...................." බෝල කොල්ලෙක් එයාට කතාකරා. ඒ කටහඩ පිරිලා තිබුනේ හුරතල්ම හුරතල් ආදරේ පාට වචනවලින්... එයාට තිබුණා අදුරු පාට ලස්සන දිලිසෙන ඇස් දෙකක් සහා සරුංගල් පාට කොණ්ඩයක්. එයා ඇදගෙන හිටියේ පීච් පාටට හුරු ලොකු හුඩියක්. ඇත්තටම සුවද දෙන බේබී රෝස මලක් වගේ නැවුම් හිනාවක්... එයා ජන්ග්කුක් දිහා බලන් හිටියේ බලාපොරොත්තු පුරවගත්ත අර බෝල ඇස් තවත් බෝල කරගෙන. එයාට ආදරේ හිතෙන එක නවත්තගන්න බැරිව වගේ ජන්ග්කුක් හුස්මක් හෙලලා තව හුස්මක් අරගත්තේ මොකක්ම හරි දෙයක් හදිසියේ මතක් වෙලා ආයෙම අමතක වෙනකොට.
ඊළගට එයාට ඒ ඇහි පිහාටු හරි බරට දැනුනා.
පපුව පුරාවට සියුම් වේදනාවක් දෙනකොට සියුම් ආලෝකයක් මැද්දෙන් එයා ඇස් ඇරියා....." ඩොක්ටර් ..... ඩොක්ටර් ඉයුන් වු........"
කලබලකාරී කටහඩවල් කිහිපයක් එක්ක, නොසන්සුන්කාරී වටපිටාවකින් බෙහෙත් සුවදක් නාස් පුඩු අස්සට කැකරීගෙන යනකොට ජන්ග්කුක්ට යම් අපුලක් දැනෙමින් තිබුනේ. වටපිටාවම තවම හිස් පිටුවක් වගේ. පැහැදිලි කිසිවක් නෑ. පිටකොන්ද දිහායින් දැනුනේ දරාගන්න බැරි තරම් වේදනාවක් වෙනකොට බෙල්ල තිබුනේ එක තැනක හිරවෙලා හොලවන්න බැරි තරම් ගල් වෙලා වගේ.
" ආ....ර්....ග්...........ම්......ම්....හ්........." ජන්ග්කුක් තමන්ට දැනුනු ඒ වේදනාව පිට කරේ එහෙම වචන වලට. එයාගේ කෙදිරිල්ල ඇහුනු හෙදියක්යැයි කියන්න පුළුවන් අයෙක් ඉක්මනින් ජන්ග්කුක්ගේ මුහුණ උඩට එබුනේ දිග සිලින්ජර් බටයක් අතේ තියාගෙන... ඉන්න විදිහට බයත් හිතෙනවා.
" එයා දඟලන්න හදනවා ඩොක්ටර් " ජන්ග්කුක්ගෙ යන්තමට එසවුනු අතක් ආයෙම ඇදට තද කර ගන්න ගමන් හෙදිය හදිසියේන් වගේ කියෙව්වා. දැගලුවේ නෑ. අතක් ඉස්සුවා විතරයි...
" අතාරින්න එපා..... " වෙද නලාවක් කරේ ලු වෛද්‍යවරයෙක් එයා ලගට ඇවිදගෙන එන ගමන් හෙදියට උත්තර දුන්නා. දැන් නම් දේවල් ටික ටික පැහැදිලියි.
" හැමදේම හරි ජන්ග්කුකාහ්.... අපි මුලින් ඔයාගේ ඇස් පරික්ෂා කරන්නයි හදන්නේ...... " පුංචි ආලෝකයක් ජන්ග්කුක්ගෙ ඇස් මත පතිත වෙනකොට ජන්ග්කුක් උරහිස් අකුළුව ගත්තා. එයාගේ ඇස් වලට යම් දැවිල්ලක් දැනුනා....
YOU ARE READING
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...