උත්සව සිරියක් ගත්ත ජියෝන් මන්දිරයේ පත්තු වෙන පාට පාට බල්බ් වලට ඇඟිල්ලෙන් ඇන ඇන හිටපු තෝරපෙත්තා තමන් දිහාට පෙරළිලා ආපු පුළුම් බෝලයක් උඩ පැනල නියපොතුවලට අහු කරගත්තා. ඊට පස්සේ එයා මියැව් සද්දයක් එක්ක තමන් ඉස්සරහ හිටගෙන ඉන්න කිම් තේහියුන් එක්ක හිනාවුණා.
" මගේ මෝඩ තෝර පෙත්තෝ.... ඔයාට මාව ගොඩක් මිස් උනාද ...." එයා තෝරපෙත්තගෙන් ඇහුවා.
ජිමින් තෝර පෙත්තව පෙට්ටියකට දාලා ආයේම ජියෝන් මන්දිරියට එක්කගෙන ඇවිත්නේ තිබ්බේ. උපන්දිනේ නම් එයාගෙ තමයි . දැන් කිම් මහත්තයත් අර තට්ටු දෙකේ ගෙදර නැති එකේ එක රැයකට ආයෙම තෝරපෙත්තව ගෙදර තනියෙන් තියන්න බෑ කියලා එයාට හිතෙන්න ඇති... අනික මෙව්වා නුපුරුදු තැන්ද
ඊට පස්සේ තේහියුන් මියෑව් කියන සුදු බෝල ගෙඩි තෝරපෙත්තාව උස්සලා වඩා ගත්තා. " කෝ ඔයාගේ කොට ජිමිනා....."
තෝර පෙත්තා එහෙට්ට මෙහෙට්ට ඔලුව හොල්ලලා වලිගේ පිම්බුවා. පස්සේ තරප්පු පේළිය දිහා ඇස් යැව්වා.
තෝර පෙත්තවත් උස්සගත්ත කිම් මහත්තයා උඩුමහලට යන පඩි පෙළිය දිහාවට ඇවිදින්න පටන් ගත්තා.අන්තිමට එයා නැවතිලා හිටියේ ජිමින්ගේ පුංචි කාලේ එයාගේ පරණ කාමරයෙන්.
ජිමින් හිටියේ වැඩ ගොඩාක් මැද්දේ. එයාව හැඩගන්වමින් හිටපු කෙනාත් ටේහියුන් දැක්කම එයාට ආචාර කරලා කාමරයෙන් ඉවතට යන්න ගියා....
ජිමින් හිටිය සම්පූර්ණයෙන්ම වගේ සූදානම් වෙලා තව ඉතිරි වෙලා තිබුණෙ වැඩ කිහිපයක් විතරයි. මතකනේ... අද එයාගේ උපන්දිනේ.... හැබැයි අද දවස ගැන එයාට කියල විශේෂත්වයක් නම් පේන්න තිබුනෙ නෑ.
හැබැයි කුතුහලය එයාව බාගෙට මහන්සි කරවනවා... ඒක හරියට නිකන්..... ම්හ්.... අනේ මන්දා.....
" ටේ ටේහ්..." කණ්ණාඩියෙන් දැක්ක ප්රතිබිම්බයට ජිමින් කෑ ගැහුවා.
ඒක මට කියන්න පැහැදිලි නෑ. ජිමින් එහෙම කතා කරන හැම වෙලාවකම ටේහියුන් සතුටින් පිම්බෙනවා. එයා වැඩියෙන්ම ආදරේ කරන එයාගේ සරුංගලේ ... එයාට එහෙම කතා කරනකොට එයාට හරි සතුටු හිතනවා.
ŞİMDİ OKUDUĞUN
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Hayran Kurguජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...